Saturday, November 5, 2011

ආදර/වශී රහස්,,, අත්දුටුවයි! ප්‍රත්‍යක්ෂයි !

මේ ලෝකේ ඉක්මනටම වෙනස් වෙන්නෙ මොකක්ද?? අපේ හිතද?? උත්තරේ මම නම් හරියටම දන්නේ නැති උනාට හිත හරිම ඉක්මනට වෙනස් වෙනව කියල නම් දන්නව.
ඉතින් ඔය සිතුවිලි වෙනස් වෙනකොට මොළේ ස්නායු වලින් ශ්‍රාවය වන රසායනිකයනුත් වෙනස් වෙනවලු. සරලව කිව්වොත් අපිට තරහ ගිය වෙලාවට පිටවෙන  ශ්‍රාවයන් වලට වඩා සතුටු වෙලාවට පිටවෙන ශ්‍රාවයන් වෙනස්..
වටින් ගොඩින් කතාව පටන් ගත්තට මට ඕනෙකම තිබ්බේ පිරිමි ළමයි තමන්ගේ පෙම්වතියට නැත්නම් හිතවතියන්ට තෑග්ගක් දෙනකොට චොක්ලට් එකක්  දෙන එකේ වැදගත්කම කියන්න.

ඔන්න බොහොම සරලව චොක්ලට් වල රහස කියන්නම්.
පීනයිල්ඇලනින් කියන රසායනිකය (ඇමයිනෝ අම්ලයක්) චොක්ලට් වල වැඩිපුර අන්තර්ගතයි. මෙන්න මේක ඕනි වෙනව ඩූපමීන් කියන වැදගත් වෙන තවත් සොයෝගයක් හැදෙන්න. මම කියපු ඔය ඩූපමීන් වැදගත් වෙනව හිතේ තියන සතුටු, ආදර වගේ හැගීම් වලට.
තවත් ලස්සනට කිව්වොත් තමන්ගෙ හිත ගිය ගෑණු ළමයට "මම ඔයාට ආදරෙයි" කියන්න කලින් කොහොම හරි චොක්ලට් එකක් කවාගත්තොත්,, ගණන් උස්සන ගතිය නැති කරගන්න පුළුවන් වෙයි. හික් හික්,,, අපි නිකන්ම ආදරේට දුන්නට ලොකු scientific පැත්තකුත් තියනව.
හරි ඉතින් දැනටමත් යාලු වෙලානම් ඉන්නෙ, තරහ වෙච්ච වෙලාවට ආපහු යාළුකරගන්න චොක්ලට් එකක උදව් ගන්න පුළුවන්.
ඔය ඔක්කොමත් කරල කසාදත් බැඳලා නම්,,, ම්ම්ම්ම්ම් ,,, ඒත් මදී මදී දැනුනොත් එහෙම,, තවත් එක්කෙනක් යාළු කරගන්න  ඕනෙමම නම් ,,, ඔව් ඒකටත් චොක්ලට් මෙතඩ් එක පාවිච්චි කරන්න පුළුවන්.
මෙන්න ලෝකෙ තියන හොදම වශී ගුරුකම,, හොර නෑ,, බොරු නෑ,, ගුරු මුෂ්ටි මොකවත් නෑ,, පැය කාලෙන් ප්‍රථිපල,,,,අත්දුටුවයි! ප්‍රත්‍යක්ෂයි !!!!

ප:ලී:- දැන් කව්රු හරි කෙනෙක් චොක්ලට් එකක් අරන් ආවොත්,,, මේ කැරකෙන්නෙ මොකටද කියල හිතාගන්න,, හික් හික්හික් හික්හික් හික්,,,,,,

12 comments:

  1. දැන් ඉතිං ෆ්‍රෙන්ඩ් ෂිප් එකටවත් චොකලට් දීලා ඉවරයි... :)

    ReplyDelete
  2. මෙච්චර කල් කරපු හොරකං ඉවරයි.මේක ගෙදර අය කියෙව්වොත් ආයිත් මගේ චොකලට් කන එකක් නෑ.....

    ReplyDelete
  3. ඉවරායි! :-D

    ReplyDelete
  4. ඔය ඔය අහුවෙන්නේ,,,හික් හික් හික්ක්‌

    ReplyDelete
  5. මේ පීනයිල් අැලනින් හරි , එ්වයින් සංස්ලේශණය කරල ඩෝපමින් හරි (කොහොමද දන්නෙ නෑ!), කිඩ්නැප් කරපු කෙල්ලෙක්ට එන්නතක් වගේ දුන්නොත්? :D

    ReplyDelete
  6. අපො මමනං චොකලට් වලට පෙරෙතයි බං

    ReplyDelete
  7. තනි අලියා, වල් අලියෙක් වෙන්නද හදන්නෙ,,,, හික්ස්

    ReplyDelete
  8. විසිතුරුගේ හොර වැඩ ඉවරායිද???? හික්ස්,,

    ReplyDelete
  9. මේක ලේසියෙං හදන්නත් පුලුවන් කියල හිතෙනව! එකම කාබනික සංයෝගය විදියට C2H2 වලිං! .... බැරිද?

    ReplyDelete
  10. ඈ,,, ඇසිටිලින් වලින්??? පුළුවන් නම් හොදයි ඉතින්.. නමුත් practically නම් අමාරුවෙයි. කොහොම වෙතත් කරල බලන්න පුළුවන් නම් හොදය ඉතින්.

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන හැඩයි! මම අද උදේ අැහුවා සෝතීස්වරන් සර්ගෙං! සර් නං කියන්නෙ nothing is impossible nut you have 2 follow meny steps වගේ එකක්!

      Delete
  11. හික් හික්..
    එල අයිඩියාව....:DDD

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,