Saturday, November 12, 2011

කසිප්පු vs විස්කි, බ්‍රැන්ඩි,,,,

අපේ ගම් පළාත්වල වගේම දැන් දැන් නගර වලත් හොර අරක්කු ජයටම පෙරනවලු. වැඩිය ඕනි නෑ, නුගේගොඩ හන්දියෙම තියන ඩොම් එකෙත් (අර පූල් ගහන්නේ අන්න එතන) කලවම් කරනවලු.
නමුත් මම නම් මොකවත්ම කියන්නෙ නෑ, ඇයි මේවා ලංකාවේ දේවල්නේ. බොරුවට පිටරටට සල්ලි යවනවට වඩා ලංකාවේ මිනිහෙක් පෝසත් වෙනව නම් කොච්චර හොදද? ඔය ගැන ලියවෙච්ච බොහෝම රසබර කවි පන්ති, පොඩි පොඩි කතා එහෙමත් මේ සිංහල බ්ලොග් ලෝකෙ තිබුන.
ඔන්න කැමැති අයට රසවිදින්න ඒ අතරින්  දෙකක ලින්ක් 1)කසිප්පු කවි  2) කෙමිකල් කතා
නීතියෙන් තහනම් උනාට ආසනික්, රසදිය තියන පෝර කෘමිනාශක ඕනි තරම් තියනව වගේ කසිප්පු තහනම් උනාට කසිප්පුයි, කසිප්පු මික්ස් කරපු සැර බීම, බාර් වල ඕනි තරම් තියනව. ඉතින් ඔය කොලිටියෙන් බාල දේවල් බීල සමහර වෙලාවට ඉස්පිරිතාල වල ලගින්නත් සමහර විට ජීවිත හානි වෙන්නත් පුළුවන්. 
ඔන්න අද කියන්න යන්නෙ වැරැදිලා හරි කොලිටි අප්සෙට් හොර අරක්කු පෙව්නොත් මොකද වෙන්නෙ කියල. ඉස්පිරිතාලෙට යනකන් ගන්න අත්බේතකුත් කියල දෙනව. 
මුලින්ම බලමු මොකක්ද මේ කොලිටි එක කියන්නේ කියල.
කසිප්පුවල කොලිටි අප්සෙට් කියන්නෙ පෙරනකොට හැදෙන මීතයිල් ඇල්කොහොල් ඉතුරුවෙන එකට. ඕක වාෂ්ප කරල අරින්න ඕනි. නමුත් සමහර වෙලාවට වැඩිපුර හැදිලා හරි ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. 
හැබැයි ඉතින් මේක පෙව්නොත් නම් ටිකක් අමාරු වෙනව. වැඩි උනොත් ඇස් අන්ධ වෙන්න හරි මැරෙන්න උනත්  පුළුවන්. කෙලින්ම ස්නායු පද්ධතියට විස වෙනව.
ම්ම්ම්ම්ම්,,, වැරදිලා හරි පෙව්නොත් මොකද කරන්නෙ???? (බිව්වොත් කියල කියන එක පාඨකයින්ට කරන අපහාසයක්නෙ,,, හික්)
ඔව් එහෙම උනොත් පොඩි අත් බේතක් තියනව. 
විසෙන්ම විස නසී කිව්වලුනෙ,,,,,
කරන්න තියෙන්නෙ විස්කි හරි බ්‍රැන්ඩි හරි කොලිටි බාල නැති  හයි ෆයි බඩු වලින් ෂොට් 2ක් 3ක් දෙන එක. 
මොකද එතකොට සෛල වලට වැඩිපුර යන්නේ ඊතයිල් ඇල්කොහොල් (අවුලක් නැති එක). මීතයිල් වලින් වෙන හානිය අඩුවෙලා යනව. 
හැබැයි වැරදිලා හරි විස වෙච්ච එකක් ආපහු පෙව්වොත් නම් ලෙඩාව ඉස්පිරිතාලේ ගෙනියනකන් වත් ජීවත් කරගන්න බැරිවයි...
පිනට බොන්ඩ පුරුදු වෙච්ච බුද්ධිමත් පොරවල් ටිකක් ගැන තවත් අතුරු කතාවක් තියනව........
දවසක් ඔහොම කසිප්පු බීල අමාරුවෙලා ඉස්පිරිතාලෙ (ගම්පහ) නතර කලාම, මේ කට්ටියට තව ටිකක් බොන්න දීල කියල නිවුස් එක ඇවිත් හොදට හිටපු එව්නුත් ගිහින් අමාරුයි කියල ඇඩ්මිට් වෙලා,,,,,,,





10 comments:

  1. ///කසිප්පු බීල අමාරුවෙලා ඉස්පිරිතාලෙ (ගම්පහ) නතර කලාම, මේ කට්ටියට තව ටිකක් බොන්න දීල කියල නිවුස් එක ඇවිත් හොදට හිටපු එව්නුත් ගිහින් අමාරුයි කියල ඇඩ්මිට් වෙලා///

    වෙනදට මේ වගේ විෂවීමකදී බ්‍රැන්ඩි දුන්නට ඔය කියන දවසේ දෙන්න ඇත්තේ ගල් අරක්කු. ඇයි අප්පා කීදෙනකුට කියලා බ්‍රැන්ඩි දෙන්නද.

    ReplyDelete
  2. අපේ පැත්තේ එක පාර 5 දෙනෙක් මලා ඔය කසියා ගහලා..මොනවද විසක් කවලං වෙලා...අනික් උන් බේරුනා ඉස්පිරිතාලෙන් මොනවද පොවලා ...එහෙනං බ්‍රැන්ඩි වෙන්ටෑ....කොහොමහරි අවුරුදු කාලෙට ඔය කසියා ගේලග ඉන්නවා කස්ටමස්ලා එක ජාතියේ සරං ඇදගෙන ..අර කසියා මුදලාලි හැම අවුරුද්දෙම සරමක් තෑගි දෙනවා රෙගියුලර් කස්ටන්ට......

    ReplyDelete
  3. මං දැකලා තිවුනට බීලා නැහැනේ....!!!

    ReplyDelete
  4. මේසන් බාස්ගෙ කටටත් කෙල උනාල වගේ කතාව ඇහුවම.
    ඔබ නොදු‍ටු ලොවක්.ට සරමක් හම්බු උනේ නැද්ද?? හික් හික්
    ප්‍රසන්න 86 නේද,, ඕව බොන්න ඔඩි වැඩියි තාම,,

    ReplyDelete
  5. මේ කතාව තාම යනව නේ! :D ස්තූතියි! :D

    මම ඔය මෙතනොල් විස උනාම විස්කි බ්‍රැන්ඩි දෙන කතාව අහල තියනව. මම එ්ක අතන දැම්මෙත් නෑ!

    මම ඔය post එක ලියද්දි අපේ බාප්ප කාරය පඟ හිටියා. මිනිහ ඩොකෙක්.මිනිහගෙං මම අැහුව මෙහෙම මීතයිල් විස උනාම ඊතයිල් දෙන කතාව අැත්තද කියල.

    මිනිහ දන්න විදියට එහෙමලු. හැබැයි එයා තර්ක කරනව හරිනං දෙන්න ඔ්න දෙහි වගේ දෙයක්ලු. මොකද එස්ටර හැදිල CH3OH අඩුවෙන්න. මේ ගැන මොකද හිතන්නෙ?

    ReplyDelete
  6. හෆ්ෆා .. මටත් ඔය විස කලවන්වෙච්ච කසිප්පු පෙවිල කියල හිතෙනව.. දෑම්ම යන්න ඕන හෑනපියර් ශොට් එකක් දාගන්ඩ ... හික්ස්

    ReplyDelete
  7. හික් හික් ප්‍රසන්න 86 නේද?
    මම හිතන්නේ පොඩි වැරදීමක් ....

    ReplyDelete
  8. තනි අලියා. දෙහි දීල නම් හරියන නෑ. දෙහි බිව්ව කියල සම්පූර්නනම වෙරි බහින්නත් සෑහෙන වෙලාවක් යනවනෙ. එච්චර හිටියොත් ලෙඩා කප් එක ගහල.
    ඔතන වෙන්නෙ වෙන දෙයක් CH3OH වලට වඩා C2H5OH ටක් ගාල සෛල ඇතුලට ගිහින් මෙටබොලයිස් වෙනව.

    ReplyDelete
  9. ම්! රයිට්! ස්තූතියි! ලොකු අවුලක් විසඳුවා! :) :)

    ReplyDelete
  10. තනියා,, දැන් ඔය එහේ මෙහේ රිංගල කසිය හෙම ගහන්න පුරුදු වෙනවා නෙමෙයි. දැන් කාලේ හැදෙන පොඩි එඋන් තබේකට ෂුවර් නෑ.

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,