Monday, November 28, 2011

සනත්ගෙ "පx කමින් අවුට්‌",,,,

අපිට සිංහල පුළුවන්ද,,,???
ඇත්තම කතාවනම් මමත් ඇතුළු ගොඩක් දෙනෙකුට හරියට සිංහල හෝඩිය තියා, හෝඩියෙ තියන අකුරු ගානවත් කියන්න දන්නේ නෑ. එහෙව් එකේ ඉංගිරිසි වචනයක් දෙකක් වැරද්දුවොත් හරි, සුද්දගේ විදියටම කිවුවේ නැත්නම් හරි ඒ මිනිහ අල්ලාගෙන කින්ඩි දානව.
කවුරු හරි සනත් කොමෙන්ට් කරන ක්‍රිකට් මැච් එකක කෑල්ලක් you tube එකේ දාල දැන් හෝ ගාල මඩ ගහනව. සමහර සිංහල බෞද්ධ කියාගන්න ඒවත් මේ පොඩි වැරදුන දේ හොදයි, සිංහල ක්‍රමේ කියා කියා, තමන් මඩ ගහන්නෙත් නෑ කියා කියා මඩම ගහනව.

කවුරු උනත් ඕනි කමින් සිංහල වචන ඉංගිරිසි කතාවකදී කියන්නේ නෑ නෙ. එහෙම කිව්‍ව කියල කියන එකත් නොන්ඩි දාන එකමනෙ.
මෙන්න මේ සයිට් එකේ කස්ටිය හිතන් ඉන්නෙ ජයසුරිය කිවුවෙ "you can see the pas coming out" කියලලු. මෙන්න ලින්ක් එක.  මෙතන විතරක් නෙමේ තව දෙතුම් පොලකම දැක්ක, මූණු පොතෙත් කවුද දාල තිබ්බ දැක්ක.
මම නම් හිතන්නෙ "pas (පස්)" කියල නෙමේ කිවුවෙ "puff (පෆ්)" වෙන්න ඕනි. වෙන එකක්ද දන්නෙත් නෑ. කොහොම නමුත් අපේ ඉංගිරිසි විශාරදලට නම් "පෆ්" කියන එකත් අමතක වෙලා. අපේ ඩයල් ඇමරිකාවේ ගියොත් කියයි උන් ඉංගිරිසි දන්නේ නෑ කියල, මොකෝ උන් කියන එක ටිකක් අමුතුයිනෙ...
you tube එක බලපු අපේ සුද්ද සිංහල මහත්වරු ටිකත් හිතන් ඉන්නෙ "පස්" කිව්‍ව කියල. මෙන්න you tube link එක.

17 comments:

  1. හෙනම ‍ගොන් බං උඔ ලියනවා.. බල්ලො බත් කන්නෑ දැක්කම.

    ReplyDelete
  2. මට ඇහෙන්නෙත් පස්" කියන්න වගෙ. සමහර විට පෆ් වෙන්න ඇති.
    උඩ කියපු කෙනා දාපු කතාවටනම් මම එකග නෑ. දුප්පත් උනත් අදහස් පොහොසත් බ්ලොග් සයිට් එකක් කියල හිතෙනව.

    ReplyDelete
  3. මටත් ඇහෙන්නෙ පස් කියල තමයි , සනත් මගේ ප්‍රියතම ක්‍රිඩකය අදටත් ඒත් විස්තර විචාරෙ නම් චා ...... සුද්දො වගෙ ඉංග්‍රිසි පුලුවන් වෙන්න කිසිම අවශ්‍යතාවක් නැතත් ලෝකයටම සංනිවේදනය කරන කාර්යයකට යන කොට යම් තරමක භාෂා දැනුමක් ඕනි

    ReplyDelete
  4. උචාරනයේ ඇති යම් ප්‍රශ්නයක් නිසා වෙන්න ඕන පස් කියලා ඇහෙන්නේ.නමුත් පෆ් කියන වචනය වෙන්න ඕන සනත් ඔය කියන්නේ. කෙසේ වෙතත් ඔය විවේචනය කරන අය අතින් කවදාවත් ඉංගිරිසිය වෑරදිලා නෑතිනම් හොදයි,

    ReplyDelete
  5. යකඩෝ... මට ඇහෙන්නෙත් 'පස්' කියලනෙ.... 'ස' ශබ්දෙ පැහැදිලව ඇහෙනව.... මේක ඇහුවෙ නම් පළවෙනි වතාවට....

    ReplyDelete
  6. අන්න උබට ස්තුති කොරල උඩින්ම කොමෙන්ට් එකක් වැටිලා...ඔක තමා ලොක සොබාවේ..ඉතින් සනත් ගැන කුමන කතාද මචො...උඹ දිගටම ලියපං..

    ReplyDelete
  7. හ්ම්ම්ම්,,, කමක් නෑ අනෝන්, ඔයාගේ අදහසට ස්තුතියි.

    Raj You are encouraging me always, thanks a lot .

    ReplyDelete
  8. Miyuru මම මේක දැක්කෙ youtube එකේ හයිලයිට්ස් බල බල ඉන්නකොට.

    බුවාගේත් අසංකගෙත් කතාව නම් ඇත්ත. කොහොමත් රසල්ගෙ කතාව සනත්ට වඩා හොදයි නේද,,,

    ReplyDelete
  9. මගේ පෝස්ට් එකකත් මම දැම්ම සනත්ගෙ විචාරය ගැන. මෙහෙමයි ඉංග්‍රීසි ගැන හරි වෙන මොන දෙයක් ගැන හරි ගත්තත් අපි විශාරදයො නෙවේ. ඒත් ලෝකෙම අහන-බලන විස්තර විචාරයකදී ඉංග්‍රීසි හොදට දන්න කෙනෙක් වෙන්න ඕන. ඉංග්‍රිසි අමතක කරන්නකෝ, ජාතික පුෂ්පයවත් දැනගන්න එපාය නේද? ඒකත් සුද්දන්ගෙන් අහගන්න තත්වෙට පත්වෙන්න හොද නෑ. අනිත් කාරනාව සිංහලයන් හැමෝම ඉංග්‍රීසි වරද්දන්නන් නෙවේ. සංගක්කාර එහෙම විචාරයට ආපු කාලෙක සුද්දන්ටත් ඉංග්‍රීසි උගන්නයි.

    ReplyDelete
  10. ආනෝල්ඩ් විතරයි ඔය වැඩේ හරියට කරන එකම කෙනා!අනිත් අයගේ ගලා යාමේ ප්‍රශ්න තියනවා...රංජිත් ෆනෑන්ඩෝත් හොඳයි!

    ReplyDelete
  11. අනේ මන්ද බං!..........

    @පලමු අැනෝ-තොට එපානං තොගෙ වැඩක් බලාගන්නවද රත්තරං බූත කියවන්නැතුව!

    ReplyDelete
  12. දිගටම ලියපං මචං ..ඇනාලා කියන්නේ කොන්ද පණ නැති හැංගිලා ඉන්න පොXXX ජාතියක් ....

    ReplyDelete
  13. .රංජිත් ෆනෑන්ඩෝ ගැන නම් මීටර් නෑ. ආනොල්ඩ් නම්ශේප් දැන්දැන් වගේ.

    ඔබ නොදුටු ලොවටයි, අලියටයි දෙන්නටම ස්තුතියි...

    ReplyDelete
  14. එම් ටී වී එකේ බ්‍රයන් පට්ට ඩයල් එක.. ආනා, රංජි එල..
    ලෝකෙටම ඇහෙන්න කතා කරන්න දන්නෙ නැතිව කමෙන් බොක්ස් වලට රිංගලා කමෙන්ට් කරන්න හොද නැහැ. ඉස්කෝලෙ යද්දිවත් හරියකට කට ඇර ගන්න බැරැව සමිතයකවත් සිංදු කියන්න යන්නෙ නැහැනේ..මට මතකයි දවසක් නාමල් කොලුවත් කමෙන්ට් කරන්න රිංගලා චොර වුණා.

    ReplyDelete
  15. මල්ලි හරි මල්ලි සෑම්,,,

    ReplyDelete
  16. මට නම් හිතෙන විදියට සනත් දක්ෂ ක්‍රීඩකයෙක් වුනාට විචාරයට නම් එතරම් දක්ෂ නෑ වගේ කියලා.පස් කතාව නිසා නෙවෙයි, කෙනෙකුට වරදින එක ගණන් ගත යුතු දෙයක් නෙවෙයි. ඒ වුනත් ඒ විචාරය නීරසයි වගේ!

    ReplyDelete
  17. සනත් ඇත්තටම "පස්" කියලා කිව්වත් ඒකට නොන්ඩි දාන එකටනම් මම විරුද්ධයි...

    ReplyDelete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,