Monday, November 28, 2011

සනත්ගෙ "පx කමින් අවුට්‌",,,,

අපිට සිංහල පුළුවන්ද,,,???
ඇත්තම කතාවනම් මමත් ඇතුළු ගොඩක් දෙනෙකුට හරියට සිංහල හෝඩිය තියා, හෝඩියෙ තියන අකුරු ගානවත් කියන්න දන්නේ නෑ. එහෙව් එකේ ඉංගිරිසි වචනයක් දෙකක් වැරද්දුවොත් හරි, සුද්දගේ විදියටම කිවුවේ නැත්නම් හරි ඒ මිනිහ අල්ලාගෙන කින්ඩි දානව.
කවුරු හරි සනත් කොමෙන්ට් කරන ක්‍රිකට් මැච් එකක කෑල්ලක් you tube එකේ දාල දැන් හෝ ගාල මඩ ගහනව. සමහර සිංහල බෞද්ධ කියාගන්න ඒවත් මේ පොඩි වැරදුන දේ හොදයි, සිංහල ක්‍රමේ කියා කියා, තමන් මඩ ගහන්නෙත් නෑ කියා කියා මඩම ගහනව.

කවුරු උනත් ඕනි කමින් සිංහල වචන ඉංගිරිසි කතාවකදී කියන්නේ නෑ නෙ. එහෙම කිව්‍ව කියල කියන එකත් නොන්ඩි දාන එකමනෙ.
මෙන්න මේ සයිට් එකේ කස්ටිය හිතන් ඉන්නෙ ජයසුරිය කිවුවෙ "you can see the pas coming out" කියලලු. මෙන්න ලින්ක් එක.  මෙතන විතරක් නෙමේ තව දෙතුම් පොලකම දැක්ක, මූණු පොතෙත් කවුද දාල තිබ්බ දැක්ක.
මම නම් හිතන්නෙ "pas (පස්)" කියල නෙමේ කිවුවෙ "puff (පෆ්)" වෙන්න ඕනි. වෙන එකක්ද දන්නෙත් නෑ. කොහොම නමුත් අපේ ඉංගිරිසි විශාරදලට නම් "පෆ්" කියන එකත් අමතක වෙලා. අපේ ඩයල් ඇමරිකාවේ ගියොත් කියයි උන් ඉංගිරිසි දන්නේ නෑ කියල, මොකෝ උන් කියන එක ටිකක් අමුතුයිනෙ...
you tube එක බලපු අපේ සුද්ද සිංහල මහත්වරු ටිකත් හිතන් ඉන්නෙ "පස්" කිව්‍ව කියල. මෙන්න you tube link එක.

Sunday, November 27, 2011

කොරෙක්ස් රහස්,,,

අපේ කට්ටිය අරක්කු, සිගරට්, ෆැන්ටා(ගමේ බඩු) නැතුව තවත් ජාතියක් කෙලින්ම එළිපිටම අරගෙන බොන්න පුරුදු වෙලා හිටියනෙ. ඔව් අර ෆාමසියෙන්ම අරගෙන බොන ජාතිය අන්න ඒ ගැන පොඩි සටහනක් තමයි අද ලියන්නෙ.
අද ලියනව කිව්වට ලියන්න හිටියෙ සති දෙක තුනකට ඉස්සෙල්ල නමුත් මග ඇරිල ගියා, එත් සිංහල බ්ලොග් අතරේ තවත් එක්කෙනක්(සුළගිල්ල) මේ බොහොම ලගදි ඕකක් බීල වෙච්ච කතාවක් දාල තිබ්බ දාල තිබ්බ. කතාව නම් 18+ එකක් නමුත් ඇත්ත වෙන්න පුළුවන්,මෙන්න ලින්ක් එක. ඔන්න ඔය කතාව දැක්කට පස්සේ තමයි මට අර ලියන්න හිතපු සටහන දැම්මම ලියනන හිතුනෙ.
ගිය මාසේ අග හරියේ දවසක ෆාමසියකට ගියපු වෙලාවෙ මමත් නිකමට ඇහුව කොරෙස් එකක් ගන්න පුලුවන්ද කියල... ආපු උත්තරේ මම හිතුවට වඩා වෙනස්. "බෑ, දොස්තරගේ තුන්ඩුවක් නැතුව දෙන්න බෑලු" මම හිතන්නෙ ඒක හොදයි.
ලංකාවේ කට්ටිය මහා ලොකුවට ඕකට ඇබ්බැහි උනේ නැතුවට ලෝකේ ගොඩක් දෙනා ඇබ්බැහි වෙලා තියන ඩ්රග් එකක් තමයි කොරෙස් කියන්නෙ. 
නමුත් ලංකාවෙ කට්ටියත් පිටරට කට්ටියත් මේක බිව්වට, තියෙන්නෙ මොනවද කියල නම් දන්නෙ නැතුව ඇති...දන්නවද???
ම්ම්ම්ම්,,,, කට්ටියම හිතන් ඉන්නෙ මේකෙ තියෙන්නෙත් අරක්කුවල තියන ජාතියේම එකක් කියල නේද,,, ඔව් ඉතින් ඇල්කොහොලුත් නැතුවම නෙමේ, නමුත් ඒවට වඩා ආතල් එකක් ගන්න පුළුවන් දේකුත් මේකෙ තියනව. අන්න ඒ හින්ද තමයි මේක ලෝකේ පුරා මිනිස්සු පාවිච්චි කරන්නත්, ඇබ්බැහි වෙන්නත් හේතුව.
මොකක්ද මේ ආතල් එකක් දෙන සංයෝගය නැත්නම් බේත. මේ බේතට කියන්නෙ "කොඩෙයින්" කියල. කොඩෙයින් කිව්වට දන්නෙ නැති උනාට හෙරොයින් දන්නවනේ. ඒකත් දන්නෙ නැත්නම් මෙන්න මෙතනින් ගිහින් හෙරොයින් හදන තාලෙම ඉගෙන ගන්න පුළුවන්. මෙන්න මේ හෙරොයින් වලට බොහොම සමාන දෙයක් තමයි කොඩෙයින් කියන්නෙත්. නමෙන් උනත් දෙක එකවගේ කියන්න පුළුවන්.
තව ටිකක් විස්තර කළොත් මෝෆීන්, හෙරොයින්, කොඩෙයින් කියන්නෙ එකම පවුලෙ කට්ටිය කියන්න පුළුවන්. 
පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නෙ. අනික බොහොම ලේසියෙන් එක වර්ගයකින් අනිත් එක හදා ගන්නත් පුළුවන්. 
ඉතින් දෙවියනේ මේක බොන කට්ටිය දන්නවද තමන් මේ බොන්නෙ හෙරොයින් කියල, වැඩිපුරම පොඩි එවුන්.  දැනගෙන බිව්වත් නොදැන බිව්වත් රිසල්ට් එක එකමයි. 
මේකෙ තියන අනිත් වැරැද්ද තමයි හෙරොයින් වගේම ඇබ්බැහි වෙන්න පුළුවන්. එතකොට නොබී ඉන්න බැරි වෙනව, නැත්නම් ඇග ගැහෙන්න ගන්නව කෙලින්ම කුඩු කාරයාම තමයි.

පහලින් තියනව මෝෆීන්, හෙරොයින්, කොඩෙයින් කියන තුනේම හැටි (ව්‍යුහය). රසායන විද්‍යාවට ආස කට්ටියට තුනේ වෙනස්කම් හොයන්නත් පුළුවන්. 
ඔන්න කොඩෙයින් වලින් හෙරොයින් හදන තාලේ නම් මේ පාර කියන්නෙ නෑ. 
කුඩු දුමින්දත් නැති අතරේ මොකෙක් හරි වැඩේ පටන්ගත්තොත් එහෙම, මටත් පවු වලින් කොටහක් එනවනේ,,හික් හික් හික් 
කොහොම නමුත් ෆාමසියෙන් ගන්න බෝතලේ ඕවා මහා ගොඩක් නෑ(පොස්පේට් කාණ්ඩෙකුත් සෙට්වෙලා තියනව), අනික තව තව දේවල් තියනව. ගොඩක් තිබ්බ නම් මමත් ජොලියට හරි මොකක් හරි කරනව. හික් හික් හික්,,,, 
ම්ම්ම්ම්ම්ම්,,,,,,,,,,වෙලාවකට මට නම් මේ ලෝකේ යන විදිය ගැන එක අතකට පුදුමයි. එක එක කාලෙට එක එක දේවල් තව ටික දවසකින් zinoxa බොන්නත් බැරි නෑ. එහෙම උනොත් ඒ ගැනත් පොඩි සටහනක් දාන්න බැරියැ. 
ලෝකෙ කොහොම කැරකුනත් සුනිල් එදිරිසිංහ නම් කියල තියෙන්නෙ "මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා නංගියෙ නොහොබිනා වැඩ හුරුවන්න එපා" කියල..... 
එහෙනම් අදට නිමි.

Monday, November 21, 2011

සුන්දර මතක නොමැකෙන මේ සිත් යායේ ,,,,


මල් මද බිසෝ නූනත් නුඹ මගේ   සෙවණේ
මල් වැනි දෑස සැලුනයි මගෙ සිත්    සැරියේ
මතකද එදා කල කී දෑ ගිය                වසරේ
අද දෙතැනකය අප දෙදෙනා සිප්      සතරේ
දුටුව නමුදු කඩනා හැටි                වීදුරුව
නුදුටු විලස සිටියෙමි මම දුක්          බරව
කලොත් නිතර මේ වගේ වැඩ අත  පසුව
වදනක් බණිමි එනමුත් ආදර          බරව
දඟ වැඩ කලත් අප දෙදෙනා එක        වාගේ
පාඩම් කලත් නොකෙරුව අප එක      රෑනේ
සුන්දර මතක නොමැකෙන මේ සිත්   යායේ
නුඹට ගයන නුඹ නොදන්න කවි        මාගේ
හිමි නැති උනත් රැදෙන්න ඔබෙ සද        මඩලේ
අමතක නොවේ උණුසුම ඔබෙ නෙතු     සගලේ
පින්කර නොමැත එක් වන්නට මේ         බවයේ
මා ප්‍රිය කුමරි ලබනෙමි ඔබ මතු              සසරේ

Saturday, November 19, 2011

සීසර්ගෙ අභියෝග කවි පහ,,,,

එක කාලෙක රත්නපුරේ පුස්තකාලේ ප්‍රදානත්වයෙන් වාර්ෂිකව උත්සව සංවිධානය කරල තිබ්බ (සමහර විට තාමත් මේ වගේ උත්සව තියනවා ඇති). ටවුන් එකේම තියන නගර සබා බිල්ඩිමේ තමයි ගොඩක් වෙලාවට උත්සව පවත්වන්නෙ. මේ වල වැඩිපුර කරන්නෙ තෑගී දෙන එක සහ සින්දු නැටුම් වගේ දේවලට දක්ෂ ගමේ ළමයින්ට වේදිකාවක් හදල දෙන එක. ඊට අමතරව කවුරුහරි වැදගත් පුද්ගලයෙක්ගෙ දේශනයකුත් තියනව.
මම මේ කියන දවසෙත් ඔන්න ඔහොම උත්සවයක දේශනයක් තිබුන. දේශනේ කරපු කෙනා මතක නැති උනත් එතුමා අධයාපනය ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් කියල නම් හොදටම මතකයි.
...................................................
ඔන්න උන්නැහේ දැන් කාලේ හැදෙන ළමයි ගැන කියනව. " දැන් සමාජය විෂමයි, අපි අපේ සංස්කෘතිය ආගම දහම අමතක කරල, වැඩිපුර ඉන්නෙ ගුරුවරු නෙමෙයි ගුරු හොරු ..." ඔන්න ඔහොම දිගට හරහට දේශනාව. මුලින්ම අපේ ටීචර්ස්ල ටිකට දෙහි කැපුවා, අපිටත් ඉතින් හෙන ත්‍රිල් මොකෝ අපි හැමදාම බැනුම් ඇහුවට මිස්ල සර්ල බැනුම් අහනව දැකලම නෑනෙ.
හැබැයි ඒ ත්‍රිල් එක වැඩි වෙලා තිබ්බේ නෑ, සර් කාරය අපේ පැත්තට  කතාව හැරෙව්ව. ඕන්න දැන් අපි බැනුම් අහනව, ඉවරයක්‌ නෑ. බැනුම් විතරද අපිට කින්ඩිත් දානවා, කළු ගඟේ පැනල මැරෙන්න හිතෙන සයිස්. "දැන් ඉන්න ළමයි කව්රුත් බුද්ධ ගද්‍ය, සකස්කඩය තියා සිරිත් මල්දමවත් දන්නේ නෑ. අපි නම් මගුල් ලකුණ, ගණ දෙවි හෑල්ල ඕවත් පාඩම කලා. හරි, පුළුවන් නම් මෙතන ඉන්න ළමයෙක් වදන් කවි පොතේ කවි පහක් කටපාඩමින් දැන් කියල පෙන්නුවොත් මෙන්න මේ මා ලග තියන තෑගි පාර්සලේ දෙනව".
ළමයින්ට හම්බ වෙච්ච ගැටළුව තමයි වදන් කවි පෙලේ කවි පහක් කට පාඩමින් කියන එක, හරියට සූර පප්පට සීසර් දුන්න දහය වගේ. කව්රු හරි වැඩේ ගොඩ දාගත්තොත් රත්නපුරේ ජාම බේරෙනවා, නැත්නම් සීසර් දිනුම් නිකන්ම.
ගුත්තිලේ ලෝවැඩ සගරාවේ නැත් නම් සුභාෂිතයේ වගේ ජනප්‍රිය එකක නම් කවි 10ක් උනත් දන්න කට්ටිය ඕනි තරම් ඇති. ශුවර් එකටම ඒ හින්ද වෙන්න ඇති වදන් කවිම කියන්න කියල පොඩි එඋන් ටික අමාරුවෙ දැම්මෙ.
බ්ලොග් එක කියවන ඔයාලත් මේක කියවන එක පොඩ්ඩකට නවත්තල හිතල බලන්න දන්නවද කියල වදන් කවි පොතේ කවි. එක පාරට ඔලුවට එනවද?,,, ම්ම්ම්ම්ම්,,,,

කොහොම හරි ඉතින් සීසර්ගෙ අභියෝග සූර පප්ප ගත්ත වගේ, කොස් ඇට දෙකක් වත් උස නැති පොඩි කොල්ලෙක් අභියෝගෙ අරගෙන නැග්ග ස්ටේජ් එකට.
කට්ටිය ඔක්කොම බලන ඉන්නව මොනවද මූ කියන්න හදන කවි,,, වදන් කවි සෙට් එක හෙන අමාරු කවි වෙන්න ඇති නේද කියල.

පොඩි එකා කියනව,,,

පළමුව බුදුන්                    වැඳ
දෙවනුව දෙසු දහම්           වැඳ
මහ සඟ රුවන්                 වැඳ
පටන් ගනිමුව ගණ දෙවිඳු  වැඳ

කව්රුත් හිතපු තරම් මහා ලොකු කවියක් නෙමෙයි, ඔන්න දෙවැනි එක කියනව,,,,

බුත් සරණා වදනින්
දහම් සරණා වදනින්
සඟ සරණා වදනින්
මෙතුං සරණා වදනින්

හිහ් හී,,,,අන්තිම ලේසි කවියක්,,,, කොහොම හරි පොඩි එකා මුල් කවි දෙක කියල ඉවර වෙනකොට හැමෝම බලනව මෙච්චර ලේසි කවිද තියෙන්නේ කියල,, තව කවි තුනක් තියනවනේ ඉතුරු වෙලා.. ඔව් ඒ ඉතුරු කවි තුනට අපි හැමෝම දන්න කවි තුනක් තියනව. අන්න ඒ කවි තුන අර පොඩි එකා කට ඇරලා තාලෙට කිව්ව.

තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
එසැඩ මහාවතුරෙන් වත් වල නොහෙනා
කෝප වුවත් රජ මැතිදුන් ගත නොහෙනා
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා

අල්ලට සිගා වත් රස නැති කැවිලි කකා
වල කොළ බිම අතුට නිදි නොලබා දුක තකා
කල්ගිය රෙදි වැරලි ඇද දැලි කුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වඩ තකා

වේවැල් කෝටු නාරන් සියඹලා අතු
කිතුල් පොල ඉරටු වල කහඹිලිය අතු
මේ හැම ඉපල් මගෙ දෑසට නො පෑ යුතු
පමා නොවී එමි අකුරට මෙයින් මතු

කවි තුන කියල දෙක වසරෙ පොඩි එකා සීසර් වගේ ටෝක් දීපු ලොකු මහත්තයගෙන් තෑගී ගත්ත.
ලොකු මහත්තයත් බැලුව නිකන්ම යවන්න බෑනෙ "හොද දක්ෂ ළමයෙක්" කියල, "පුතාගේ ඉස්කෝලේ මොකක්ද"කියලත් ඇහුව. ඔය දෙකටම උත්තර දුන්නට පස්සේ තවත් පොඩි මෝඩ ටයිප් එකේ ප්‍රශ්නයකුත් ඇහුව,
"පුතා පන්තියේ කී වෙනිද"
දේශකයත්, බලන් ඉන්න කට්ටියත් හිතුවෙ පළවෙනිය හරි දෙවනිය හරි කියයි කියල. මොකද පොඩි එකා යන ඉස්කොලේත් පොඩිම පොඩි එකක් හින්ද,
ඔන්න පොඩි එකාගේ උත්තරේ,,,,
"මම මේ පාර පන්තියේ විසි හත් වෙනිය, ඒ කියන්නෙ සර් මම අන්තිමය" පොඩි එකා ඇත්තම කිව්ව.
සර් අන්දුන් කුන්දුන්, සමහර විට අහපු ගොන් කමක් කියල හිතන්න ඇති........
හිහ් හී,,,, මුළු හෝල් එකම අර ලොකු සර්ට කින්ඩි හිනාවක් දැම්ම. ලොකු පොඩි බේදයක් නැතුව කස්ටිය හික්හික් ගගා හිනාව.
අන්තිමය මෙහෙම නම් පළවෙනිය කොහොම ඇත්ද,,, හික් හික්,, හික් හික්,,

ඉතින් පුන්චිම ඉස්කෝලෙක, අන්තිම පේලියේ හැමදාමත් අන්තිමය වෙන පොඩි එකෙක් අර ලොකු සර්ගෙ මහා ටෝක් එක, ඒ කියන්නෙ  "දැන් ඉන්න ළමයි ඒ දවස්වල ළමයි දන්න කිසි දෙයක් දන්නේ නෑ" කියන එක බොරු බව පෙන්නල තෑගි ටිකත් අරගෙන බැහැල ගියා.
"තමන්ට වඩා වයසින් බාල අයත්, සමාජයත් අවටක්සේරු කරන එකයි, තමන් තමයි උගතා කියල අනිත් මිනිස්සු පාගාගෙන සිටීමයි" ගොඩක් වෙලාවට දකින්න තියන කැත පුරුද්දක් කියලයි මට හිතෙන්නෙ. 
කොහොම උනත් අර පොඩි එකා දැන් ලොකු වෙලා දූපත් වැසියා උනාට,, කවි ටිකත්, ලොකු පොඩියි හැමෝටම ගරු කරන එකත් අමතක කරල නෑ.....

(ජිවිතයේ තවත් එක් සුන්දර මතකයක් ඔබත් සමග බෙදා ගැනීම සතුටක් ....)

Tuesday, November 15, 2011

අපි ඉතින් දායක සබාවේ කට්ටියනේ,,,,(රටේ රහස්)

1959දී O/L කරපු කොලු ගැටයෙක්ට රුසියාවේ ලුලුම්බා විශ්වවිද්යාලයට යන්න වාසනාවක් ලැබෙනව. ඔහු අව්රුදු තුනක් එහෙ ඉදල ලෙඩ නිවාඩු අරගෙන ලංකාවට ඇවිත් තමයි රටම හොල්ලපු විප්ලවයකට මුලපුරන්නෙ. මෙන්න මේ විප්ලවීය නායකයා නොහොත් රෝහණ විජේවීරට අන්තිම මොහොතේදී මොකද උනේ කියන එක ඒ දවස වල රහසක්. නමුත් රහස වැඩිකල් තිබ්බේ නැත්තේ අන්තිම මොහොතේ ඡායාරූප ගත්ත හමුදා නිලධාරියත් ජ.වි.පෙ සාමාජිකයෙක් හින්ද.

ඔය විප්ලවය කාලෙ ජ.වි.පෙ මර්ධනය කරන්න මුලිකවම කටයුතු කරපු කට්ටියක් හිටිය. හැමෝම දන්න කෙනා තමයි රන්ජන් විජේරත්න. ඊට අමතරව මේජර් මුතාලිෆ්වත් සහ උඩුගම්පොළවත් අමතක කරන්න බෑ.
අපි මේජර් මුතාලිෆ් සහ උඩුගම්පොළව පැත්තකින් තියල රෝහණ විජේවීරව ගත්තොත්, ඔහුව 89 නොවැම්බර් 13 හමුදාව විසින් ඝාතනයට පත්කලා. මේකට උඩින්ම අණ දුන්නෙ රන්ජන් විජේරත්න මිස වෙන කව්රුත් නෙමෙයි. මැරුවට පස්සෙ කිව්ව රෝහණ විජේවීරයි, එච්. බී හේරතුයි, දෙන්නට දෙන්න වෙඩිතියාගෙන මැරුන කියල.
ඔය මෙතෙක් කියපු විස්තර ලංකාවේ බොහෝ කෙනෙක් දන්න දෙයක්. මම දැක්ක ගිය ඉරිදා පත්තර වලත් තිබ්බ.
නමුත් ජ.වි.පෙ එක නැති කරපු රන්ජන් විජේරත්නව,  ඝාතනය කරපු එක ටිකක් විතර සැඟවුන දෙයක්. හැම පැත්තේම කුණු යන්නෙ පහළින් කියන්න වගේ ඒකත් වැටුනෙ ප්‍රබාකරන්ගෙ ගොඩට.
හැබැයි ඇත්තටම මොකද උනේ සහ පත්තර වල යන්නෙ නැති තිරයෙන් පිටිපස්සේ පොඩි කතාවක් තමයි අද පොස්ට් එක.
කොළඹ විශ්වවිද්‍යාලය ලගම තියන හන්දිය තමයි තුම්මුල්ල හන්දිය, ඔන්න ඔය හන්දියට ඔන්න මෙන්න කියල තමයි ගාඩ් දාපු බෙන්ස් එකක් බෝම්බෙට අහුවෙන්නෙ.
වැඩේ වෙච්ච ගමන්ම කිව්වෙ බිම් බෝම්බයක් කියල, හැබැයි ලස්සන කියන්නෙ නිකන් අත් බෝම්බයක් පිපිරුණත් අඩි දෙකක තුනක වලක් හෑරෙන එකේ බිම් බෝම්බයක් පුපුරල හෑරුනේ අඩි එකහමාරක් විතර වලක්.
තවත් අමුතු දෙයක් උනා. ඒ දවස වල කොළඹ පාරවල් වල එහෙ මෙහේ පොඩි පොඩි වලවල් හෙම තිබ්බ. එහෙව් එකේ මෙතන බෝම්බෙ පිපිරුණා විතරයි පැයක් හමාරක් යනකොට මෙන්න ටක් ටක් ගාල තාර දානව. පුදුමයි ඒත් ඇත්තයි. ටිකකින් මෙච්චර ලොකු බෝම්බයක් තියා කාක්කෙක්වත් ජරා කරපු තැනක කියල කියන්න බැරි ගානයි. අර පරීක්ෂණ මේ පරීක්ෂණ මොකවත් නෑ. තිබුනද දන්නෙත් නෑ.
දැන් ඉතින් රජයට (රජය කිව්වට ඒකෙ ලොක්ක, නැත්නම් ශ්‍රීමතාණන්ට) ඕනි උනා මේකට ඔෆීශියල් සහතිකයක් ගන්න.
ඕකට දාපු ගැටේ තමයි ඉන්දියාවේ හැදුව කියල ගහපු පොඩි පෙට්ටි කෑල්ලක් අරගෙන වයර් කෑලි ටිකක් ඇතුලට දාල අමුනපු එක.
ඔය පෙට්ටිය එවකට පරමාණු අදිකාරියේ ලොක්කට දීල අමුතුම ගැටළුවක් විසදන්න කිව්ව. "මේ පෙට්ටියෙන් බෝම්බයක් පුපුරන්න පුළුවන්ද? බැරිද?".....  වැඩි කතා නෑ, හාද? බෑද? විතරයි. "පුළුවන්" කිව්වොත් කචල් එකක් නෑ. "බෑ" කිව්වොත් ආචාර්ය ග්‍රැන්විල්ටත්(ලොක්ක) ඉතින් දෙවියන්ගෙ පිහිටයි. ඔන්න ඔතෙන්දි තමයි හැමෝම හරියටම දැනගත්තෙ මේ කරන්නෙ අන්තිම කුප්ප බොරුවක් කියල.
සරලවම කිව්වොත් ඔය  "made in Kalkata" කියල ගහල තිබ්බ මේ පෙට්ටියට ටිකක් හයියෙන් ගැහුවහමත් කැඩෙන සයිස් එකක්. හැබැයි පෙට්ටිය හොයාගෙන තියෙන්නෙ බෝම්බෙ පුපුරපු තැන තිබිලලු. (එහෙම කියන්නෙ සී.අයි.ඩී එක) ඒත් පෙට්ටියට කිසිම හානියක් නෑ. බබා වගේ තියනව.
දැන දැන කළු ගල්වලඔලුවගහගන්න අකමැති හින්ද ග්‍රැන්විල්තුමා තෝරාගෙන තියෙන්නෙ "ඔව් බෝම්බයක් පුපුරන්න පුළුවන්" කියන උත්තරේ.
එක අතකට අහපු ප්‍රශ්නෙට උත්තරේ හරි මොකද ඒ පෙට්ටියේ තිබ්බ වයර් කෑලි වලින් බෝම්බයක් පුපුරන්න බෑ කියන්නත් බෑනේ. ඔහොම පෙට්ටියක් බෝම්බයක් ලග තිබිල ඉතුරු වෙන්නෙ නෑ කියන එක අහපු ප්‍රශ්නෙට අදාල නෑනෙ.
පෙට්ටිය පරික්ෂා කරන අතරේ ඔතෙන්ට ආපු රහස් පොලිසියෙ ලොක්කෙකුටත් ඔය ගැටළු දෙක ඉදිරිපත් කෙරුවම, පොරගේ උත්තරේ තමයි "මේකනේ මල්ලී, නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ අපි දායක සබාවේ කට්ටියනෙ,, ම්ම්ම්ම් මම කෝකටත් ලොකු බොස්ට කියන්නම් එතකොට හොදට සිද්දිය ගලපගන්න පුළුවන් වෙයි"
ඔතනින් වැඩේ ක්ලෝස්,, ලොකු බොස්ට කියල කට්ටියට ගලපගන්න දෙයක් නෑ. බඩුත් හාමුදුරුවන්ගෙලුනෙ. වැඩි සද්ද බද්ද මොකවත් නෑ. බෝම්බෙ තිබුනෙ ගිය වාහනෙම සීට් එක යට කියල කව්රුත් කිව්වෙ නෑ. මොකද අද වගේ සුදු වෑන් නෙමේ කෙලින්ම ටයර් එකක් ඇතුලේ, නැත්නම් දහ දුක් විඳ විඳ මස් වැදැල්ලක් වෙනකන් වධකාගාරයක.
...........................................
අන්තිමට ඉතින්  සහතිකයක් නිකුත් උනා මේක කොටි බෝම්බයක්ම තමයි කියල. අර "බිම් බෝම්බ" කතාව මුලින් කිව්වේ නෑ වගේ කැපිල ගිහින් "තවත් වාහනයක අටවපු, වාහන බෝම්බයක්" බවට පත් උනා.
පොස්ට් එක මෙතනින් අවසන් උනාට කතාව ඉවර උනේ නෑ. උගුල් එකක් පස්සේ එකක් ආව.
"රෝහණ විජේවීරට වැඩේ දීපු රන්ජන් විජේරත්නට ඊට අව්රුදු දෙකකට විතර පස්සෙ ශ්‍රීමතානන් වැඩේ දුන්න වගේ, ඊටත් අව්රුදු දෙකකට පස්සෙ ශ්‍රීමතානන්ටත් බාබු ගෙන් ගේම හම්බු උනා". අපි ඉතින් දායක සබාවේ කට්ටියනේ,,,,,,

Sunday, November 13, 2011

පැය බාගේට හත්දාස් පන්සීයයි,,,,, පාඩුද ලාබද????

බෙල්ලන්විල පන්සල ගැන හැමෝම අහල තියනවනෙ, නමුත් අද කියන්නෙ ඒ පන්සල ගැන නම් නෙවේ. ඒ පැත්තෙම තියන තවත් පන්සලක් ගැන විස්තරයක්. ඔය කියන්න හදන තැන තියෙන්නෙ බෙල්ලන්විල පන්සලේ ඉදන් දෙහිවල පැත්තට යනකොට හම්බුවෙන පලවෙනි හතරමං හන්දියෙන්  (කලර් ලයිට්ස් තියන) වමට හැරිලා යන පාරේ (192 රූට් එකේ).
මම වෙන කොහේදිවත් දැකපු නැති ලස්සන වැඩක් තියනව මෙතන. අටවිසි බුදුවරුන්ට බුදුවෙන්න පිහිට වෙච්ච බෝධීන් තියනව, නිකන් නෙමෙයි බොන්සායි බෝධීන් වහන්සේලා. බොන්සායි බෝ ගහක්, බොන්සායි නුග ගහක්, බොන්සායි කුබුක්‌ ගහක් ඔන්න ඔහොම තියනව ලොකු පාත්තර විදියට හදපු පෝච්චි වල දාල.
පෝය දවසට මෙතනට ඇගිල්ලක් අගන්න බැරි තරමට සෙනග, නෝනලා මහත්තරු එන්නෙ නිකන් සීනි හොයන්න යන ඇබලයො ගානට.
මෙතන දායකයොත් අපි වගේ ලපයි සිපයි නෙමෙයි. සෝමා එදිරිසිංහ, මර්වින් සිල්වා වගේ කෝටි ප්‍රකෝටි පතියෝ. පේනවනේ එසේ මෙසේ තැනක් නෙමේ ලොකු ලොකු හාස්කම් තියනව. හරියට නිකවැරටිය දොළුකන්ද වගේ. සාධු සාධු සාධු ,,,,
ඉතින් කව්ද අකමැති මේ පන්සලේ හාමුදුරුවන්ට කියල බණ පදයක් අහගන්න. අනිත් එක හාමුදුරුවෝ සෑහෙන ජනප්‍රියයි. බණ දෙසන්නෙ සයන්ස් වලින්. සාධු සාධු සාධු ,,,,
ඔය හන්ද මමත් ගියා හාමුදුරුවෝ හම්බවෙලා මම මුලින්ම වැඩකරපු  ආයතනයේ බණකට ආරාධනා කරන්න. පන්සලට ගියාට හාමුදුරුවෝ හම්බ වෙන්න නම් බැරි උනා නමුත් එතන හිටිය හාමුදුරුවන්ගේ සෙකට්‍රි.
මම:- මම අහවල් රජයේ ආයතනයේ වැඩකරන්නේ. අපි බණ දේශනා වැඩසටහනකට හාමුදුරුවන්ට ආරධනා කරන්න කියල ආවේ.
(මම හිතාගෙන හිටියේ අපේ දවසට හාමුදුරුවන්ට බැරිවෙයි, මොකද හාමුදුරුවන්ට එදාට තවත් වැඩ කටයුතු වැටිල තියෙන්න පුලවන් හින්ද. නමුත් සෙකට්‍රි කියනව..)
සෙකට්‍රි:- හ්ම්ම්ම්ම්ම්... අපේ තියනව එක එක පැකේජ්‍ ඒව. පැය බාගෙ, පැයකට පැය, එකහමාරකට අන්න එහෙම. හත්දාස් පන්සීයයි, දහ දාහයි එතන ඉදලා උඩට. කැමතිනම් දවසක් බුක් කරල ඇඩ්වාන්ස් එකක් බැදලා යන්න පුළුවන්.
මම:- මේ මේ... එහෙමද,,, (මට නිකන් හොල්මන් වගේ). ඒ විදියට විතරද? පැකේජ්‍ ඒවත් තියනවද??
සෙකට්‍රි:- ඔව් ඔව් එහෙම නැතුව බෑනෙ. මුලින්ම ඇඩ්වාන්ස්  එකක් දෙන්න ඕනි. ඉතුරු හරිය පස්සෙ ගත්තහම හරි. මේවා එහෙම නැතුව හිගන විදියට කරන්න බෑ.
මම:- මේකයි මේ රජයේ තැනකටනෙ, මම එකපාරට සල්ලි දෙන්නෙ කොහොමද?
සෙකට්‍රි:- නිකන්ම බණට එන්න බෑනෙ. වාහනේ එන්න ඕනි. තව දේවල් වලට සල්ලි යනව. එකනෙ සල්ලි බදින්න කියන්නෙ.
මම:- අපෝ වාහන ඕනි නෑ. අපි වාහනයක් දෙනව. කිසි ප්‍රස්නයක් නෑ.
සෙකට්‍රි:-  එහෙම කියල බෑ (ටිකක් සැරෙන්). හාමුදුරුවෝ වෙන වාහන වලින් වඩින්නේ නෑ. තමන්ගේ එකෙන් විතරයි එන්නෙ. මම කිව්වේ වැඩේ කෙරෙන විදිය. එක එක්කෙනාට ඕනි ඕනි ක්‍රම වලට බෑ.
මම:- ම්ම්ම්ම්ම්,,, එහෙමද. එහෙනම් හාමුදුරුවන්ට කතා කරන්න බැරිද.
සෙකට්‍රි:- බෑ බෑ හාමුදුරුවෝ මේ වෙලාවේ නෑ. කෙලින්ම හම්බුවෙන්න බෑ. මට කතා කරල හාමුදුරුවන්ට නිදහස් වෙලාවක් තිබ්බොත් තමයි හම්බුවෙන්න පුළුවන්.
මම:- එහෙනම් හාමුදුරුවන්ගෙ ටෙලිෆෝන් නොම්බර ගන්න පුළුවන්ද?
සෙකට්‍රි:- එහෙම එකක් නෑ. තිබුනත් මේ වැඩ කෙරෙන්නෙ මෙහෙම. ඕනි නම් මෙතන නොම්බරේ දෙන්නම්. xxxxxxxxxx. මහත්තයට ඕනි නම් ඇඩ්වාන්ස් තියල බුක් කරල යන්න පුළුවන්.
මදැයි බණට ආරාධනා කරන්න ගියා. දැන් තියෙන්නේ බණ පැකේජ්. ඇඩ්වාන්ස් තියන්නත් ඕනි. යකෝ පැය බාගේ හත්දාස් පන්සීයයි. හරියට නිකන් බණ තලන්න වගේ පැකේජ්.
කමක් නෑ වදින පුදන සාසනේනෙ කියල ඊට පහුවෙනිද මමත් අර දීපු නොම්බරේට කතා කරල හාමුදුරුවන්ට කතා කරන්න හැදුවත් හරිගියේ නෑ. සෙකට්‍රි බුවා කියනව වැඩේ කරන්නෙ අර විදියටමයි කියල.
මොනවා කරන්නද ලොකු ලොකු කස්ටියගෙ හැටිනෙ කියල අපිත් වෙන හාමුදුරු කෙනෙක් වඩම්මවල බණ දේශානාව තිබ්බ.
ඔය සිද්දිය වෙලා දැන් අව්රුදු කීපයක් ම වෙන හින්ද වැඩේ අමතක වීගෙන යනකොට තමයි පහුගිය මාසෙද කොහෙද මම ඉස්සර වැඩකරපු තැන යාලුවෙක් මට කෝල් කෙරුවෙ.
යාළුවා:- ඕයි,,, අන්න උඹේ හාමුදුරුවෝ සෝවාන් වෙලාලු. අර පැකේජ් බණ බුවා.
මම:- මොකක්,, පිටිදුවේ සිරි ධම්මය..
යාළුවා:- ඔව් බොල, හඃ හඃ, දැන් සිරි ධම්ම නෙමේලු. සිරි සමන්තලු..
අනේද කිව්වලු. සමහර විට දැන් පැකේජ් එක තව ගණන් ගිහින් ඇති. එසේ මෙසේද? දැන් අනාගාමි වෙලානෙ,,, හික් හික් හික්.
අබුද්දස්ස කාලේ ලබුත් තිතයි කිව්වලු.  ඒකටත් සාධු සාධු සාධු නොකියා කපන්න බැරි අත ඉබිනව විනා අසරණ අපි මක්කරන්නද,,,, irajටත් ස්පොන්සර් කරල වගේ, මට තේරෙන තරමට නම් සිරි සමන්ත පැවිදි වෙලා නොහිටිය නම් ලංකාවේ හොදම මාකටින් පොරක් වෙනව,,,,,
හාමුදුරුවෝ ගැන යූ ටියුබ් එකේ තියන ලින්ක් ටිකක් මෙතන. (1)  (2)  (3)


(කාටවත් පහර ගහන්න කියල ලියපු ලිපියක් නෙමේ, කාටවත් බොරුවක් දිගටම ගෙනියන්න බෑ. කවදාහරි එලිවෙයි. නමුත් ආගමක් මුවාවෙන් මෝඩයන්ව රවට්ටගෙන සුර සැප විදින එක නම් ලොකු පවක්)

Saturday, November 12, 2011

කසිප්පු vs විස්කි, බ්‍රැන්ඩි,,,,

අපේ ගම් පළාත්වල වගේම දැන් දැන් නගර වලත් හොර අරක්කු ජයටම පෙරනවලු. වැඩිය ඕනි නෑ, නුගේගොඩ හන්දියෙම තියන ඩොම් එකෙත් (අර පූල් ගහන්නේ අන්න එතන) කලවම් කරනවලු.
නමුත් මම නම් මොකවත්ම කියන්නෙ නෑ, ඇයි මේවා ලංකාවේ දේවල්නේ. බොරුවට පිටරටට සල්ලි යවනවට වඩා ලංකාවේ මිනිහෙක් පෝසත් වෙනව නම් කොච්චර හොදද? ඔය ගැන ලියවෙච්ච බොහෝම රසබර කවි පන්ති, පොඩි පොඩි කතා එහෙමත් මේ සිංහල බ්ලොග් ලෝකෙ තිබුන.
ඔන්න කැමැති අයට රසවිදින්න ඒ අතරින්  දෙකක ලින්ක් 1)කසිප්පු කවි  2) කෙමිකල් කතා
නීතියෙන් තහනම් උනාට ආසනික්, රසදිය තියන පෝර කෘමිනාශක ඕනි තරම් තියනව වගේ කසිප්පු තහනම් උනාට කසිප්පුයි, කසිප්පු මික්ස් කරපු සැර බීම, බාර් වල ඕනි තරම් තියනව. ඉතින් ඔය කොලිටියෙන් බාල දේවල් බීල සමහර වෙලාවට ඉස්පිරිතාල වල ලගින්නත් සමහර විට ජීවිත හානි වෙන්නත් පුළුවන්. 
ඔන්න අද කියන්න යන්නෙ වැරැදිලා හරි කොලිටි අප්සෙට් හොර අරක්කු පෙව්නොත් මොකද වෙන්නෙ කියල. ඉස්පිරිතාලෙට යනකන් ගන්න අත්බේතකුත් කියල දෙනව. 
මුලින්ම බලමු මොකක්ද මේ කොලිටි එක කියන්නේ කියල.
කසිප්පුවල කොලිටි අප්සෙට් කියන්නෙ පෙරනකොට හැදෙන මීතයිල් ඇල්කොහොල් ඉතුරුවෙන එකට. ඕක වාෂ්ප කරල අරින්න ඕනි. නමුත් සමහර වෙලාවට වැඩිපුර හැදිලා හරි ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. 
හැබැයි ඉතින් මේක පෙව්නොත් නම් ටිකක් අමාරු වෙනව. වැඩි උනොත් ඇස් අන්ධ වෙන්න හරි මැරෙන්න උනත්  පුළුවන්. කෙලින්ම ස්නායු පද්ධතියට විස වෙනව.
ම්ම්ම්ම්ම්,,, වැරදිලා හරි පෙව්නොත් මොකද කරන්නෙ???? (බිව්වොත් කියල කියන එක පාඨකයින්ට කරන අපහාසයක්නෙ,,, හික්)
ඔව් එහෙම උනොත් පොඩි අත් බේතක් තියනව. 
විසෙන්ම විස නසී කිව්වලුනෙ,,,,,
කරන්න තියෙන්නෙ විස්කි හරි බ්‍රැන්ඩි හරි කොලිටි බාල නැති  හයි ෆයි බඩු වලින් ෂොට් 2ක් 3ක් දෙන එක. 
මොකද එතකොට සෛල වලට වැඩිපුර යන්නේ ඊතයිල් ඇල්කොහොල් (අවුලක් නැති එක). මීතයිල් වලින් වෙන හානිය අඩුවෙලා යනව. 
හැබැයි වැරදිලා හරි විස වෙච්ච එකක් ආපහු පෙව්වොත් නම් ලෙඩාව ඉස්පිරිතාලේ ගෙනියනකන් වත් ජීවත් කරගන්න බැරිවයි...
පිනට බොන්ඩ පුරුදු වෙච්ච බුද්ධිමත් පොරවල් ටිකක් ගැන තවත් අතුරු කතාවක් තියනව........
දවසක් ඔහොම කසිප්පු බීල අමාරුවෙලා ඉස්පිරිතාලෙ (ගම්පහ) නතර කලාම, මේ කට්ටියට තව ටිකක් බොන්න දීල කියල නිවුස් එක ඇවිත් හොදට හිටපු එව්නුත් ගිහින් අමාරුයි කියල ඇඩ්මිට් වෙලා,,,,,,,





Thursday, November 10, 2011

පුළුන් ගානට බර,, අලියෙක්ට පෑගුනත් කැඩෙන්නේ නැති ලෑප්ටොප්,,,,

මෙහෙම හිතමු. අපි ලග තියනව යකඩ කෑල්ලක්. අපි ඕක පොඩි කෑලි වලට කඩාගෙන යනව. ඒවත් ඊටත් වඩා පොඩියට කඩනව. ඔන්න ඔහොම දිගටම කරගෙන ගියොත් මොකක් වේවිද?
10 වසරෙ විද්‍යාව පොතේ තිබ්බ වගේ මතකයි.

උත්තරේ:- අන්තිමට පරමාණුවේ සයිස් එකටම එනව.... හරි නේද?
10 වසර පොතේ එහෙම තිබ්බත්, උත්තරේ හරි උනත්,,  මේ ප්‍රශ්නෙ නොකියපු තවත් උත්තරයක් නැත්නම් රහසක් තියනව.
ම්ම්ම්ම්,,, මොකක්ද ඒ රහස,,,
අන්න ඒ රහස් උත්තරේ හින්ද තමයි මිනිස්සුන්ට හෝදන්නේ නැතිව අදින්න පුළුවන් රෙදි හදන්නත්, තට්ටු තුන් හාරසීයේ බිල්ඩින් ගහන්න පුළුවන් වෙන්නෙත්, ඇන්දහම අනිත් අයට පේන්නෙ නැතුව යන්න පුළුවන් විධියේ ජැකට් හැදෙන්නෙත්,,, වැඩේ නරකම නෑ,,,,
ඉතින් නොකියපු රහස තමයි,,, ඔය විදියට පොඩියට පොඩියට කඩාගෙන යනකොට ඒ වල භෟතික ස්වභාවය වෙනස් වෙනව කියන එක. එතකොට යකඩ වලින් උනත් එක එක සයිස් වලදී එක එක ගුණාංග මතු කරගන්න පුළුවන්. හැබැයි මේ විදියට එක එක ලක්ෂණ මතු කරගන්න නම් ඉතා කුඩා කෑලි (නැනෝ සයිස්) වලට බිදගන්න ඕනි.
ඔය කාරණාව තමයි නැනෝ ටෙක්නොලොජි, නැත්නම් නිනිති තාක්‍ෂණයට මුලික පදනම.

 තවත් ටිකක් තේරෙන විදියට කිව්වොත් නිකන්ම උණු කරල යකඩ බාල්ක හදන්නේ නැතුව, බාල්කෙ හැදිල තියන යකඩ පරමාණු කොයි විධියට සැකසුනොත්ද වැඩිපුර හයිය කියල හොයල බලල, අන්න ඒ විදියට හදන්න පුළුවන් නම්, බරෙන් අඩු හයියෙන් වැඩි බාලකයක් හදා ගන්න පුළුවන්. (හදල වැඩි ගානකට විකුණගන්න එක තමන්ගෙ ටැලන්ට් එක)
එතකොට මම අර කියපු පෙන්නේ නැති ජැකට් හදන්නේ කොහොමද,, තියරිය නම් හිතාගන්න අමාරුම නෑ.
සමහර දේවල් එක එක සයිස් එකේදී අමුතු අමුතු ලක්ෂණ තියනව. සමහර වෙලාවට පාටක් නෑ, ආලෝකය අමුතු විදියට නැමිල ගමන කරනව. අපට යමක් පේනව කියන්නෙ ඒ දේ හරහා ආලෝකය සම්පුර්ණයෙන් ගමන නොකර ආපහු ටිකක් අපේ ඇහැටත් එනව කියන එක. ඉතින් කෙනෙක් බැලුවහම ආලෝකය වස්තුව තුලින් කැරකිල හරි සම්පුර්ණයෙන්ම අනිත් පැත්තට ගියොත් එතන මොකක් හරි තියනව කියල පේන්නෙ නෑ.
මම දන්නා තරමට නම් ඔය වදීට ව්‍යාපෘතියක් දැනටත් නිකන් හොර රහසේ වගේ වැඩි සද්ද බද්ද නැතුව කරගෙන යනව. දන්නවනෙ මෙහෙ නෙමේ, ලෝකෙට පොලිස් කාරයාගේ රටේ.

නැනෝ ටියුබ් කියන්නෙ තවත් ඔය වගේ සොයාගැනීමක්. පරමාණු සයිස් එකෙන් නැත්නම් ඉතාම කුඩාවට හදපු  නළ. ඉතින් මේවලින් වතුර පෙරුවහම ටක්ගාල බැක්ටෙරිය වයිරස අයින් වෙනව...
ඔන්න ඔහොම මේ වැඩේ දැන් දැන් හැම දේකටම යොදාගෙන යනව. වැඩ කෝටියයි. ක්‍රීම් ජාති, පේන්ට්, ස්පෝට් අයිටම්ස්, කණ්නාඩි එකී මෙකි නොකී හැම දේකටම නැනෝ සයන්ස්,,,
අපිත් ඉතින් කවදහරි "අව්වටයි වැස්සටයි ඔරොත්තුදෙන, පුළුන් ගානට බර, අලියෙක්ට පෑගුනත් කැඩෙන්නේ නැති ලැප්ටොප් එකකින් බ්ලොග් ලියන්නත් බැරි නෑ,,,"

Monday, November 7, 2011

රාජා ඇතාගේ දළ දෙකේ රහස්,,,

මීට පෙර ලියපු බ්ලොග් පොස්ට් එකේ දැම්මෙ නුවර දළදා මාළිගාවේ හිටපු රාජා ඇතාගේ පොඩි විස්තරයක්. ඔන්න ඔය ඇතාගෙ තිරයෙන් පිටිපස්සෙ කතාව පටන්ගන්නෙ ඇතා නැති උනාට පස්සෙ.
ඇතා නැති උනාට පස්සෙ තීරණය කරලා තියනව මෙයාව හැමෝටම තව කලක් බලාගන්න නැවත ප්‍රතිනිර්මාණය කරන්න ඕනි කියල. අන්තිමට ඕක බාර වෙලා තියෙන්නෙ කෞතුකාගාර දෙපාර්තුමේන්තුවේ ඉන්න නිලධාරීන් ඇතුළු තව පිරිසකට.

අපි දැනුත් මාළිගාවේ ගිහින් රාජව බැලුවට, ඔහොම නැගිට්ටුවෙ කොහොමද කියල දන්නෙ පොඩි පිරිසයි.
ඇතා මැරුණම කරන ගෞරව ඔක්කොම කරල ඉවර වෙලා වැඩේ හෙමීට පටන්ගෙන තියනව. නමුත් වැඩේ හෙමීටම කරල හරියන්නේ නෑ. මොකද කුකුලෙක් නරියෙක් වගේ නෙමෙයි අලියා ලොකු හින්ද පරක්කු උනොත් කුණු වෙනව. බරපතලම වැඩේ තමයි අලිගෙ හම වෙන්කරගන්න එක. සරලව කිව්වොත් හම ගහන එක. ඔය වැඩේ කරන්න ක්‍රමයක් තියනවා. හරි විදියට මුලින්ම කපා ගන්න ඕනි. ඊට පස්සෙ හම අයින් කරගෙන යන්න පුළුවන්. හිතන තරං ලීසිම නෑ කරන්න ගියාම.
ඉතින් සෑහෙන මහන්සියක් දාල පහළොවක් විස්සක් කට්ටිය අර කුණුවීගෙන යන ඇතාගේ හම් කෑලි ටික වෙන් කරගෙන.
නමුත් ඉතින් ඕක දිග ඇරියම අර අහසේ තියන තරු වගේ හිල් තියනවලු. වෙලාවට ලොකු කරදරයක් නෑ මොකද අලියා කළු පාටයිනේ.
ඔන්න ඊට පස්සෙ අර ඉතුරු කෑලි වළලලා ටික කාලෙකින් ඇට ටික විතරක් උනාම ගොඩගන්නවනෙ. ඔන්න ඉතින් කට්ටිය වැඩේ කරගෙන යනව. නමුත් මේ වගේ ලොකු අලියෙක්ව මේ ගොල්ලො මිට ඉස්සෙල්ල ඔය විදියට හදල තිබිල නෑ. දහසකුත් එකක් බාදක මැද්දේ මේක කරගෙන එනකොට, ඕක හදල ඉවර කරන්න ඕනි දිනයත් ලග එනව.
දැන් වැඩ හරියාගෙන එනකොට මෙන්න ඇතාගේ එක කණක් කුණුවීගන යනවලු.. ඉතින් ගහන්න ඕනි කෙමිකල් ඔක්කොම ගහල. මෙන්න එතකොට ඒ වල සැරට ඇතුලේ පුරෝලා තියන ඊවත් දිරල යනවලු.
ම්ම්ම්ම්ම්,,, ඒ බාධකය නම් ජය අරගෙන තියෙන්නෙ කණ ඇතුලට X-ray  කොළයක් දාල.
දැන් ආපහු කට්ටිය වැඩ. ගොඩක් දුරට දැන් හදාගෙන ගිහින් ඉවරවෙලා. ඒ කියන්නේ ඔය ඇට කෑලි සෙට් කරල, හිස කබලත් සෙට් කරල ,, කකුල් වලට යකඩ කෑලි දාල බස්සල,,, ඔක්කොම හරි. දැන් තියන්නෙ දළ දෙක හයි කරන වැඩේ..
ඔන්න දළ දෙක හයි කරන්න හදනවලු.
බෑ.. දළ තියපු ගමන් ඒවල බරට හිස්කබලත් එක්කම පාත් වෙනවා. යකඩ කෑලි දාල පිටිපස්සට බර ගන්නත් බෑ. මොකද දළ සෙට් වෙන්නෙ හිස කබලට. අනිත් එක තව යකඩ කෑලි දැම්මොත් අලියාගේ හිස්කබලෙයි ඇගෙයි හැඩේ වෙනස් වෙනව. අලියගෙ ඔලුවේ හැඩේට, ගානට හිස්කබල තියෙන්න ඕනෙ.. ඔය ගැටලුවට විසදුම් දෙන්න සතර දිග්බාගේ ඉන්න දැනමුත්තො ආවට කාටවත් බැරිවෙලා හරියට ගොඩ දාගන්න..
ඔන්න අන්තිම විසදුම වෙලා තියෙන්නෙ දළ දෙකට මුක්කු දෙකක් ගහන්න... "අපොයි එහෙම උනාම මහා කැතයි,,,, හැදුවටත් ලැ‍ජ්ජයි,,,. ජනාධිපති අපිව එල්ලයි,,," ඔන්න ඔකොම කට්ටිය කිව්වට විසදුමක් නම් තිබිල නෑ.
ඒත් ඉතින් මොනව කරන්නද කියල ඒ විදියටවත් කරමුයි කියල යෝජනා කරගෙන, හදාගෙන යනකොට එක්කෙනෙකුට ඇවිත් තියනව අපූරු අදහසක්,,,,,,
ඔව්,, අන්තිමට හැදුවේ ඒ ආපු මසුරන් වටිනා අදහසට අනුව තමයි.. හොඳට වැදුණු අලියෙක්ගෙ හොඬේ බිම ගෑවෙන හින්ද අලියගෙ හොඬේට හොද යකඩ පයිපයක් බස්සල (හොඬේ විදියට ගානට අරගෙන) ඒක පොළවට හොඩේ විදියටම තියල බර දරාගන්න සැලැස්වීම. දැන් මේ රාජාගෙ දළ දෙකේ බර දරාගෙන ඉන්නේ හොඬේ.
කොහොමද වැඩේ,,,,, වැඩේ හොඳ උනාට ඔය අදහස මුලින්ම හිතන එක නම් එච්චර ලේසි නෑ.
හරි දැන් ඉතින්  ඔක්කොම හදල විවෘත කරන්න ප්‍රධාන අමුත්තා තමයි එවකට ජනාධිපත්, ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස උතුමාණන්,,, ඒ දවස වල මෙයාට ඔය  "ශ්‍රීමත්" කියන කෑල්ල නොකිව්වොත් රස්සාව නැතිවෙන තරම් වරදක්...
මෙතුමා විවෘත කරන්න ඉස්සෙල්ල දවසේ මේක බලන්න ඇවිත්. මොකද උන්නැහේට මේ දළදෙකේ කතාව ගැන වටින් ගොඩින් පොඩි කසු කුසුවක් ඇහිල තියනව.
ඇවිල්ලත් නිකන් ඉදල නෑ,,,. පොලු වල ළමයි එල්ලෙන විදියට දළ දෙකේ එල්ලිලා බලල.. දෙවියනේ කියල ඇතා හෙලවිලවත් නෑ.
ඔන්න ඊට පහුවෙනිදා එතුමාම ඇවිත් තමයි මේක විවෘත කරල තියෙන්නෙ.
ඔන්න ඕක තමයි කණට X-ray කොලේකුයි, හොඬේට යකඩ බටයකුයි බස්සපු රාජා ඇතාගේ කතාව...

Sunday, November 6, 2011

දහස නෝට්ටුව,,,

සංගීත ප්‍රසංග පවත්වනකොට නැත් නම් ටෙලි ඩ්‍රාමා වල අපිට පෙන්නේ නළු නිලියෝ ටික විතරයි. නමුත් තිරය පිටිපස්සේ ඒ වෙනුවෙන් දුක් මහන්සි වෙන කට්ටිය ගැන කව්රුත් කතා වෙන්නේ නෑ. මේක ගොඩක් තැන වලට පොදු දෙයක්. ඔය හින්දම අද මම මේ පෝස්ට් එක දාන්නේ තිරයෙන් ඉස්සරහ වගේම තිරයෙන් පිටිපස්සේ වෙච්ච සිදුවීම් ටිකක් ගැන.

මහනුවර දළදා මාලිගාව කව්රුත් දන්නව වගේම එකේ හිටපු රාජා ඇතාවත් කව්රුත් දන්නවනෙ. 1988න් විතර පස්සෙ ඉපදුන කට්ටිය නම් දැකල ඇත්තෙ රාජා ඇතාගේ හම පොරවල හදපු ප්‍රතිනිර්මාණය. මේ ඇතාගේ පොඩි විස්තරයක් කියනවා නම් ඉපදිලා තියෙන්නේ 1913. එතකොට දළදා මාළිගාවට එකතු වෙලා තියෙන්නේ 1938 දී. ඊට පස්සෙ අවරුදු 50ක් විතර මෙයා මාළිගාවේ සේවය කරලා තියනව.
දළදා කරඬුව වඩම්මනකොට බොහොම සාන්ත විදියට ගමන කරන්නත්, පාවඩේ එලනකන් නැවතිලා ඉන්නත් මේ ඇතාට ඇත් ගොව්වගේ විධාන ඕනෙ නෑ කියලයි ජනප්ප්‍රවාදයේ සදහන් වෙන්නෙ.
මම මුලින් කියපු තිරයේ පිටිපස්සෙ සිද්ධිය කියන්න කලින්,, බොහෝ දෙනෙක් දන්න නමුත් හැමෝම නොදන්නවා කියල හිතෙන කාරණාව මුලින්ම කිව්වොත් සුදුසුයි වගේ.
ඒ තමයි රුපියල් දහස නෝට්ටුවේ කතාව.

ඔව්, මේකෙ ඉන්නෙත් මෙන්න මේ රාජා ඇතාම තමයි. ඒ වගේම ඇතාව බලාගන්න ඉන්නකෙනා දිහාත් හොදට බැලුවොත් පෙනේවි මෙයා මුස්ලිම් කෙනෙක් කියල. එතකොට මුස්ලිම් ඇත් ගොව්වෙක්ද ඇතාව බලා ගත්තෙ ???. ..
ඔය නෝට්ටුවේ කතාව පොඩ්ඩක් ලියල මම කෝකටත් කියල නිකන් නෙට් එකේ සර්ච් කලා. මොකද මේක ටිකක් ප්‍රසිද්ද කතාවක් හින්ද,, ඔව් මම ලියාගෙන යන එක එහෙමම තියනව, බොහෝම පැහැදිලිව. ඒ නිසා මට හිතුන මම ආපහු ලියන එක සුදුසු නෑ කියල. මොකද පරණ සයිට් එකකුත් නෙමේ වගේ. එහෙනම් මෙන්න මෙතනින් ගිහින් ඒක බලන්න පුළුවන්.
සමහර සල්ලි කොළ, කාසි, මුද්දර වගේ දේවල් වල මිලක් නියම කරන්න බැරි තරම් වටිනා සේවාවන් කැප කිරීම් කරපු දේවල් නිහඬවම සදහන් වෙනවා. ඒ දැනුම අපි අපි බෙදා ගන්නවා නම් කොච්චර හොඳද,,,,
........................................................................
දැන් කියන්න තියෙන්නෙ තිරයෙන් පිටුපස කතාව. නමුත් මට හිතෙන්නේ කතාව පොඩි උනත් ඒක ඊලග පොස්ට් ඒකෙන දාන්න.

Saturday, November 5, 2011

ආදර/වශී රහස්,,, අත්දුටුවයි! ප්‍රත්‍යක්ෂයි !

මේ ලෝකේ ඉක්මනටම වෙනස් වෙන්නෙ මොකක්ද?? අපේ හිතද?? උත්තරේ මම නම් හරියටම දන්නේ නැති උනාට හිත හරිම ඉක්මනට වෙනස් වෙනව කියල නම් දන්නව.
ඉතින් ඔය සිතුවිලි වෙනස් වෙනකොට මොළේ ස්නායු වලින් ශ්‍රාවය වන රසායනිකයනුත් වෙනස් වෙනවලු. සරලව කිව්වොත් අපිට තරහ ගිය වෙලාවට පිටවෙන  ශ්‍රාවයන් වලට වඩා සතුටු වෙලාවට පිටවෙන ශ්‍රාවයන් වෙනස්..
වටින් ගොඩින් කතාව පටන් ගත්තට මට ඕනෙකම තිබ්බේ පිරිමි ළමයි තමන්ගේ පෙම්වතියට නැත්නම් හිතවතියන්ට තෑග්ගක් දෙනකොට චොක්ලට් එකක්  දෙන එකේ වැදගත්කම කියන්න.

ඔන්න බොහොම සරලව චොක්ලට් වල රහස කියන්නම්.
පීනයිල්ඇලනින් කියන රසායනිකය (ඇමයිනෝ අම්ලයක්) චොක්ලට් වල වැඩිපුර අන්තර්ගතයි. මෙන්න මේක ඕනි වෙනව ඩූපමීන් කියන වැදගත් වෙන තවත් සොයෝගයක් හැදෙන්න. මම කියපු ඔය ඩූපමීන් වැදගත් වෙනව හිතේ තියන සතුටු, ආදර වගේ හැගීම් වලට.
තවත් ලස්සනට කිව්වොත් තමන්ගෙ හිත ගිය ගෑණු ළමයට "මම ඔයාට ආදරෙයි" කියන්න කලින් කොහොම හරි චොක්ලට් එකක් කවාගත්තොත්,, ගණන් උස්සන ගතිය නැති කරගන්න පුළුවන් වෙයි. හික් හික්,,, අපි නිකන්ම ආදරේට දුන්නට ලොකු scientific පැත්තකුත් තියනව.
හරි ඉතින් දැනටමත් යාලු වෙලානම් ඉන්නෙ, තරහ වෙච්ච වෙලාවට ආපහු යාළුකරගන්න චොක්ලට් එකක උදව් ගන්න පුළුවන්.
ඔය ඔක්කොමත් කරල කසාදත් බැඳලා නම්,,, ම්ම්ම්ම්ම් ,,, ඒත් මදී මදී දැනුනොත් එහෙම,, තවත් එක්කෙනක් යාළු කරගන්න  ඕනෙමම නම් ,,, ඔව් ඒකටත් චොක්ලට් මෙතඩ් එක පාවිච්චි කරන්න පුළුවන්.
මෙන්න ලෝකෙ තියන හොදම වශී ගුරුකම,, හොර නෑ,, බොරු නෑ,, ගුරු මුෂ්ටි මොකවත් නෑ,, පැය කාලෙන් ප්‍රථිපල,,,,අත්දුටුවයි! ප්‍රත්‍යක්ෂයි !!!!

ප:ලී:- දැන් කව්රු හරි කෙනෙක් චොක්ලට් එකක් අරන් ආවොත්,,, මේ කැරකෙන්නෙ මොකටද කියල හිතාගන්න,, හික් හික්හික් හික්හික් හික්,,,,,,

මේපාර කලු සුදු කාර්,,,,

පසුගිය මාසයේ 23 වෙනිද මම දැම්ම අපේ රටේ ඉන්න අන්තම හොරෙකුයි හොරා ඉන්න තැන කරන්න යන උත්සවයකුයි ගැන පොඩි කතාවක්. කෙලින්ම කව්වොත් හොරා තමයි තැපැල් එකේ "දිසා" කියන්න. දිසා විතරක් නෙමෙයි තව කට්ටියකුත් ඉන්නව, නමුත් ලොක්ක මහ හොරා හින්ද තමයි කෙලින්ම ලොක්කගෙ නමම කියල පටන්ගත්තේ.
මේ පුද්ගලය ගැන පොඩි විස්තරයක් තියනවා දිවයින පත්තරේ. මෙතනින් ගිහින් බලන්න පුළුවන්. එළිපිටම හොරකං කරන විලි ලැජ්ජාවක් නැති මෙයාට තැපැල්පති වෙලා ඉන්න උදව් කරන්නෙත් අපි වගේ මෝඩයෝ පත්කරපු අමැටිලා තමයි..

මම එදා කිව්වත් වගේ පහුගිය ඔක්තෝබර් 28 පටන්ගත්ත මුද්දර සේල් එකක්. ඔන්න ඕක විවෘත කරන්න ආවෙ ජීවන් ඇමති.
හොරු සෙට් එක නම් හිටියෙ ක්ලීන් එකට ටයි කෝට් ගහල ඇවිත්,,, මෙන්න ඇමති එනව මැදල තියා හෝදලවත් නැති සරමක් අතුල්ලව අතුල්ලව. මගෙ හිතේ ඇමැතිටත් ලැජ්ජයි නළුවෙක් වෙලත් හෝදපු ඇදුමක් ඇදගෙන එන්න.
එක අතකට ඇගේ තියන ඇදුම උගස්‌ තියලවත් බේරගන්න බැරි තැනකට අමුඩයක් ගහගෙන හරි එනව කියන්නෙත් ලොකු දෙයක්..
ඇවිත් යන්තම් අටවපු පටි කෑල්ලක් කපල වැඩේ පටන්ගෙන, මෑත ඉතිහාසයේ ගහපු ලාබම ලේසිම මුද්දරේ නිකුත් කලා. මේකෙ තියනවා පරණ කාර් හතරක්. තනිකරම කලු සුදු මුද්දර හතරක්,,, කලර් ගහන්න දෙපාර්තමේන්තුවට සල්ලි නෑනෙ.
කොහොම කොහොම හරි කව්රු මොන මොන පරීක්ෂණ තිබ්බත් සල්ලිකාර වැරදිකාරයො නිදහස් වෙනව කියනවලුනෙ, ඒ හින්දම මේ පාරත් තැපැල් දෙපාර්තමේන්තුවෙන් බඩු ගත්ත ගොඩක් දෙනෙකුට බිල් නිකුත් කලේ නෑ. මොකද නැත්නම් ගසා කන්න අමාරු හින්ද,,
ම්ම්ම්ම්ම්ම්ම්,,,,,,, දුපත් වැසිය මේව කියන්නෙ කිසිම කෙනෙක් එක්ක පුද්ගලික කෝන්තර හින්ද නෙමේ. අපි ඔක්කොම ජිවත් වෙන සමාජයේ අපි හැමෝටම වැදගත් වෙන ආයතන කාබාසිනියා කරන නිලධාරීනුයි ඇමටිලයි ගැන හැමෝම දැනුවත් වෙන්න ඕනේ හින්ද. ගෙයක් කඩල හොරකං කරනව වගේ නෙමෙයි, ඊට වඩා කැතයි, බරපතලයි,, හැමෝම යැපෙන ආයතනයකින් මහා පරිමාණයෙන් යටි මඩි ගහල ඒක නැති කරනව කියන්නෙ.
ම්ම්ම්ම්ම්,, හරි දැන් බැන්න ඇති කියමුකො........................................................
රටේ ලෝකෙ ගැන අවදියෙන් ඉන්න ගමන් ඔබගේත් විනෝදාංශය මුද්දර එකතු කිරීම නම් අලුත් මුද්දරෙනුත් එකක් දෙකක් අරන් තියාගන්න අමතක කරන්න එපා....

Friday, November 4, 2011

අන්තිම පේළියේ බින්දුව,,,,

අන්තිම පෝස්ට් එකේ මැජික් ගැන කිව්වට, මට හරියටම මතක නැති වෙලා තිබ්බ ඒ ගුරුතුමාව මතක් කරල දුන්නට දොඩම් මල්ලිට ගොඩක් ස්තුතියි.
රාම්රාවෝ සර් විතරක් නෙමෙයි තවත් ටිකක් සැරපරුෂ ප්‍රින්සිපල් කෙනෙක් හිටිය ඔය කියන පාසැලේම. මම හිතන්නෙ "ගුණතිලක සර්" කිව්‍වහම තවමත් රත්නපුරේ chemistry කරන කට්ටිය දන්නව ඇති. අද කියන්න හදන්නෙ මෙන්න මේ සර්ගෙ ක්ලාස් එකට ගිය මුල්ම දවසෙ මම වැටිච්ච ලෝක අමාරුව.

මමත් O/L  කරල ඉවර වෙලා ප්‍රතිපල එනකන් නිකන් ඉන්න හින්ද ඔය කියපු ගුණතිලක සර්ගෙ ක්ලාස් එකට ඔලුව දාන්න හිතුන. නමුත් ඒ වෙනකොට  ක්ලාස්එක පටන්ගෙන ටිකක් කල්. මේ ක්ලාස් එක ගොඩක් ජනප්‍රිය උනාට මොකද ළමයි මහා ගොඩක් නෑ. මොකද සර් සැර හින්දලු. මට ඕකට යන කට්ටිය නම් කිව්වෙ යන්න ඉස්සෙල්ල  සූත්ර ලියන්න පුරුදු වෙලා යන්න, නැත්නම් ගුටි කන්න වෙනවාය කියල.
හැමදාම නිකන්ම ඉන්නත් බෑනෙ,,,, අනේ මට මොකද කොච්චර සැර උනත් කියල එක දවසක් ක්ලාස් පටන් ගන්න වෙලාවට හෙමින් සීරුවේ ගිහින් අන්තිම පේලියෙන් වාඩිඋනා. මේකෙ කාඩ් මාක් කිරිලි මොකවත් නෑ නිකන්ම ගිහින් වාඩි වෙනව.
සරුත් හයේ හතරේ පොරක්.. දැන් හිත හදාගෙන ඉන්නව, "මම ඔය ටෝක්ස් වලට බය නෑ" කියල.
ඔන්න සර් ඇවිත් ටිකක් රවුමක් දෙකක් ගිහින් හය්යෙන් කතා කරල "මේවල සූත්ර ටික ලියනව" කියල පටන්ගත්ත. හපොයි මම ඒ කියපුව එකක්වත් සංකේත වලින් ලියන්න දන්නේ නෑ. ඔන්න ඒ ටික කියපු සර්, අන්තිම පේලියේ හිටපු මා ලගට ඇවිත් "කෝ ඔය ළමයින්ගේ පොත්" කියල ලියාපුවා ටිකත් එකතු කරගෙන, ඒ ටික මුල්ම පේලියට ගිහින් දැම්ම.
දැන් වෙනකොට මටත් ටික ටික පොඩි බයක් දැනෙන්න අරගෙන තිබ්බෙ. මම ඉතින් හිතෙන් කියනව "හිත හොද කෙල්ලෙක්ට මගේ පොත ලැබිල, එයාම හරි සූත්ර ලියල, හරි එකක් දෙකක්වත් දාල නොන්ඩියක් උනොත් බේරල දෙන්න" කියල.
ඔන්න සර්, හරි උත්තර ටික බෝඩ් එකේ ලියල අහනව "ඔක්කොම හරි තියන පොතක් තියෙන්නෙ කා ගාවද කියල" මොකද අයිතිකාරය ලග නෙමේනෙ දැන්පොත තියෙන්නෙ.
ඔක්කොම හරි කට්ටිය 4ක් 5ක් හිටිය. "හොදයි" කියල, ඊලගට එකක් වැරදි කට්ටිය ගැන බැලුව.
ඔන්න ඔහොම එක එක අඩු කරකර (10ක් හරි, 9ක් හරි, 8ක් 7ක් ) පොත් වල අයිතිකාරයන්ව බල බලා එනවා. හැබැයි වැරදි ගාන වැඩි වෙන්න වැඩි වෙන්න බැනුම් ගාන වැඩිවෙනවා.
.............................
6ක් හරිගිය කෙල්ලෙකුට හොදටම බැන්න, ඒ විතරක්ද අම්ම කව්ද? තාත්ත කව්ද? ඉස්කෝලේ මොකක්ද? අලගිය තැන් මුල් ගිය තැන් ඔක්කොම එළිපිටම අහල ඔක්කොටමත් එක්ක බනිනවා.
මටනම් තේරුණා එනපොට හරි නෑ කියල, ඒත් ඉතින් මක් කරන්නද??
ඔහොම යනකොට 4ක් හරිගිය කෙල්ලෙකුත් හිටිය, ලස්සන කියන්නෙ එයත් මම වගේ මුලින්ම ක්ලාස් ඇවිත් තියෙන්නෙ එදා. නමුත් ගුණතිලක සර්ට ඒවා ඇල්ලුවේ නෑ.
කොල්ලෙක් උනා නම් කනට ගහල පන්නන තත්වයක් තිබුනෙ. අර අහිංසක කෙල්ල අඩ අඩා හිටිය.. (මේ හින්ද තමයි ක්ලාස් එකේ ළමයි අඩු වෙන්නත් හැමෝම වගේ ගොඩ යන්නෙත්)
කොච්චර අහිංසක උනත් කෙල්ලෙක් ගැන හිතන්න මට කල්පනාවක් තිබ්බේ නෑ. මට වෙන දේ ගැන කවුරු හිතන්නද???
එක්කෝ පැනල දුවන්න වෙනව නැත්නම් කණේ පාරක් කාල මගේ මුළු විස්තරේම කියල නොන්ඩි වෙලා පීචං වෙලා ඉන්න වෙනව. ඉස්කෝලෙත් කොළඹ,,, "මෙහේ මොකද ඇහුවොත්"... "එහෙං පැන්නුවද, තෝව මම මෙහෙනුත් පන්නනව කිව්වොත්",,,, රෙදි ඇදගෙන ඉන්නද... (ෆර්ගසන් එකෙයි කොන්වන්ට් එකෙයි කෙල්ලොත් ඉන්නව)....
හම්ම්ම්ම්ම්,,,,,,,මට හිතන්න තිබුනෙ පුංචි වෙලාවයි...
මම දෙවැනි එක නොහොත් පීචං වෙන එක තෝරාගෙන ඉන්නවා ඉරණම තීරණය වෙනකං...
ඔන්න සර්... "3ක් හරි පොත් තියනවද??? වැඩ කොරන්න බැරි එවුන් ගිහින් පතලයක් කපපිය. නැත්නම් වැලිගොඩ දාපිය, ගෙවල් වල මිනිස්සුන්ට කරදර කරන්නැතුව"
කව්රුත් අත් උස්සන් නෑ. හැම එකාම 7ක් 8ක් කොහොම හරි හරියට ලියල තියනව. සමන් දෙවියොත් නිදිද මන්ද........
"2ක් හරි පොත් කාගාවද තියෙන්නෙ, ඕකු මම හම ගහනව, අම්මල තාත්තලගේ සල්ලි උස්සන උලමො "
කව්රුත් සද්ද නෑ..
"1ක් හරි පොත් ???????????????,,,,,,, ම්ම්ම්ම්හ්,, කව්රුත් නෑනෙ. එහෙනම් පොත් මාරු කරගන්න"
හික් හික් හික්,,, සර්ට බින්දුව අමතක උනා..

දෙවියො දීපු ඒ චාන්ස් එකෙන් පස්සෙ, කවදාවත් මම අන්තිම පේළියෙන් වාඩි උනේවත්, පාඩම් නොකරවත් ඔය ක්ලාස් එකට ගියේ නෑ. (අන්තිමට හිටියොත් පොත් යන්නේ මුල්ම පේළියෙ කෙල්ලන්ට, ලග පේළියකට ගියොත්, හරි උත්තර ලියල කොල්ලො හරි දානව) වෙන විදියකට කිව්වොත් පාඩම් කරන්න උනා.
කොහොමින් කොහොම හරි ටික කාලෙකින් ඉස්කෝලෙ පටන් ගත්තම මට පන්තියට සමුදෙන්න උනා. නමුත් අර බින්දුව අමතක වීමේ සිද්දිය, මගේ ජිවිතයේ අමතක නොවන සිදුවීමක්.....

Wednesday, November 2, 2011

මැජික් අවසානද?????


ඉස්සර රත්නපුරේ ඉස්කෝලෙක (ඇලෝසියස් එකේ වගේ මතක) ජනප්‍රිය ප්‍රින්සිපල් කෙනෙක් හිටිය. අපි නම් කිව්වෙ එතුමාට "රාම් රාවෝ ජිලි ජිලි, කිහිලි අස්සේ කොළ ගුලි ගුලි" කියල මොකද මෙයා magic කරනව (කොළ බෝල හංගන ඒවත් කරනවනෙ... හිහ් හිහ් හිහ්,,,,). මමත් මුලින්ම ලයිව් මැජික් එකක් දැක්කේ මෙයාගෙන්. ඒ කාලේ පුංචි මොළේට හිතුනේ මේව ඇත්තට කරනව කියල.
ඉතින් මට පුළු පුළුවන් විදියට පොඩි කාලෙ ඉදන්ම මේව ඉගනගන්න උත්සාහ ගත්ත. නමුත් කරන විදිය දන්නව උනාට කාඩ් මැජික් හැර අනික් ඒවා කවදාවත් පිට අයට පේන්න කරලා නෑ. ඇත්තම කිව්වොත් මට නම් ඕව කරලා ඉවර උනාම, කිසිදෙයක් ඇත්තට කරලා නැති නිසා මහ හිස් ගතියක් දැනෙනව.
නිවැරදිව පුරුදු පුහුණු කලොත් සල්ලි උල්පතක් කරගන්නත් බැරි නෑ. කොහොමහරි මැජික් කියන්නෙ බොරු මවාපෑම් උනාට මට හිතෙන්නෙ එකත් එක්තරා විදියක කලාවක්. ඒක කරන්න ඉවසීමත් කැපවීමත් කියන දෙකම උපරිමයට තියෙන්න ඕනි.
මෑත කාලෙ ලෝකෙම ජනප්‍රිය වෙච්ච කෙනෙක් තමයි Criss Angel කියන්නෙ. වතුර උඩින් ඇවිදීම, අහසේ පාවීම, වීදුරු තුලින් ගමන් කිරීම වගේ හිතා ගන්න අමාරු දේවල් ගොඩක් කරපු කෙනෙක්. අනිත් කාරණාව තමයි දැන් මැජික් වලට නවීන තාක්ෂණයත් එකතුවෙලා,ඒ හින්ද සමහර ට්‍රික්ස්  මැජික් දන්න කෙනෙකුට උනත් හිතාගන්න අමාරුයි. (මම මුලින් දාපු ස්ට්‍රීට් මැජික් පොස්ට් එකෙත් තියනව).
කොහොම කොහොම හරි දැන් වෙනකොට හැම මැජික් කාරයෙකුටම වගේ අලුතින් හිතන්න වෙලා. මොකද මේ වෙස් මුණක් දාගත්ත එක්කෙනක් ඇවිත් ඔක්කොම ටික කියල දෙනව.
Criss Angel ටත් අලුත් යමක් හොයාගන්න වෙනව.
ඔන්න youtube link එක 
magic's biggest secrets finally revealed ඔන්න ඔහොම youtube එකේ search කරල ඔක්කොම ටික ගන්න පුළුවන්.

මට පේන්නෙ මැජික් කරන කට්ටියට ටිකක් නරක කලදසාවක්. මමත් ආපහු මැජික් පොස්ට් දාන්නේ නෑ. මේවා දැක්කහම දාන්න දෙයක් ඉතුරු වෙලත් නෑ වගේ......










Tuesday, November 1, 2011

ඉන්දියාවෙ ඝෘශිවරු,,,

දවසක් බුදු හාමුදුරුවොයි තවත් හාමුදුරුවරු ටිකකුයි දානෙකට වැඩල ආපහු පන්සලට වඩිනවලු. නමුත් අතරමග තියන ගඟකිනුත් එතෙර වෙන්න ඕනිලු. ගඟ ගාවට වඩිනකොට ඔරුව පදින තොටිය මිනිස්සු ටිකකුත් එක්කල අනිත් පැත්තට ගිගින් හින්ද කට්ටියම මෙගොඩට වෙලා බලන් ඉන්නවලු.
ඔන්න ඔහොම ඉන්නකොට, ඒ දවස්වල හිටියයි කියපු ඝෘශිවරයෙකුත් ඇවිත් ගඟෙන් එගොඩ වෙන්න. කෝ ඉතින් තොටිය අනිත් පැත්තෙනේ, තව කට්ටියකුත් ඉන්නවනෙ.
ඝෘශිතුමා  ම්ම්ම්ම්ම්,,, කියල, බුදු හාමුදුරුවෝ දිහාත් නිකන් නෝන්ඩියට බලල, ගත්තලු ලේන්සුව. ලේන්සුව අරගෙන ඒක ගඟේ වතුරෙ එලල, මේක උඩට නැගල අනිත් පැත්තට ගිහින්.
මේක බලන් හිටපු ආනන්ද හාමුදුරුවන්ට හොදටම තරහ ගිහින් බුදුහාමුදුරුවන්ට කියනවලු "ස්වාමීනි ඔබ වහන්සේට ඕයිටත් වඩා ආශ්චර්යමත් විදියට යන්න පුලුවන් නේද, මොකද එහෙම වඩින්නෙ නැත්තේ" කියල.  බුදුන් වහන්සේත් සද්ද නැතුව ඉදල තොටිය ආවහම අහල "මේකෙන් එතෙර වන්න ඔබ කීයක්‌ අය කරනවද කියල". තොටියත් ඉතින් කියල සුළු ගානක්.
අන්න එතකොට බුදුහාමුදුරුවෝ "ආනන්දය අර ඉස්සෙල්ල ගිය පුද්ගලයා තමන්ගේ මුළු ජීවිත කාලේම කැපකරලා දහසක් දුක විඳලා ලබාගෙන තියෙන්නෙ හරි පොඩි වටිනාකමක්. නියම වටිනාකමක් ගන්න නම්, වෙන දේවල් පස්සෙ යන්නෙ නැතුව අනිත්‍ය අවබෝධ කරගන්න ඕනි" කිව්වලු.

ඔය කතාව මතක් උනේ අද මහ වැස්සෙ කුඩයක් නැතුව bus හෝල්ට් එකේ ඉන්නකොට මගෙ ලේන්සුවත් වතුරට වැටිලා පාවෙලා ගියා. හහ් හහ් හා,,,,, ඕක මුලින් ලිව්‍ව නම් වැඩක් නැති වෙන හින්ද අන්තිමට කිව්‍වෙ.
බ්ලොග් පාඨකයන්ට තව තියනව කියන්න පොඩි රහසක්. මොකක්ද දන්නවද??? .....
"එදා විතරක් නෙමේ දැනුත් ඉන්දියාවෙ නම් ඉන්නව ඝෘශිවරු. නොයෙක් විශ්වකර්ම වැඩ කරනව". ඒ ගොල්ලන්ගෙ වැඩකිඩ ඔන්න පහල තියනව.


පහල එකෙත් තියනව තවත් හොද පැහැදිළි කිරීමක්.


මේවා ගැන ඒබ්‍රහම් කොවුර් මහත්මය ලියපු "දෙවියෝ සහ භූතයෝ" කියන පොතේ සවිස්තරව තියනව. ඒකෙ තියන හැමදේටම මමත් එකග නැති උනාට, කියවල බලන්න වටින පොතක්.




 (රේඩියෝ එක භාදාවක් නම් සමාවෙන්න..)