Sunday, November 27, 2011

කොරෙක්ස් රහස්,,,

අපේ කට්ටිය අරක්කු, සිගරට්, ෆැන්ටා(ගමේ බඩු) නැතුව තවත් ජාතියක් කෙලින්ම එළිපිටම අරගෙන බොන්න පුරුදු වෙලා හිටියනෙ. ඔව් අර ෆාමසියෙන්ම අරගෙන බොන ජාතිය අන්න ඒ ගැන පොඩි සටහනක් තමයි අද ලියන්නෙ.
අද ලියනව කිව්වට ලියන්න හිටියෙ සති දෙක තුනකට ඉස්සෙල්ල නමුත් මග ඇරිල ගියා, එත් සිංහල බ්ලොග් අතරේ තවත් එක්කෙනක්(සුළගිල්ල) මේ බොහොම ලගදි ඕකක් බීල වෙච්ච කතාවක් දාල තිබ්බ දාල තිබ්බ. කතාව නම් 18+ එකක් නමුත් ඇත්ත වෙන්න පුළුවන්,මෙන්න ලින්ක් එක. ඔන්න ඔය කතාව දැක්කට පස්සේ තමයි මට අර ලියන්න හිතපු සටහන දැම්මම ලියනන හිතුනෙ.
ගිය මාසේ අග හරියේ දවසක ෆාමසියකට ගියපු වෙලාවෙ මමත් නිකමට ඇහුව කොරෙස් එකක් ගන්න පුලුවන්ද කියල... ආපු උත්තරේ මම හිතුවට වඩා වෙනස්. "බෑ, දොස්තරගේ තුන්ඩුවක් නැතුව දෙන්න බෑලු" මම හිතන්නෙ ඒක හොදයි.
ලංකාවේ කට්ටිය මහා ලොකුවට ඕකට ඇබ්බැහි උනේ නැතුවට ලෝකේ ගොඩක් දෙනා ඇබ්බැහි වෙලා තියන ඩ්රග් එකක් තමයි කොරෙස් කියන්නෙ. 
නමුත් ලංකාවෙ කට්ටියත් පිටරට කට්ටියත් මේක බිව්වට, තියෙන්නෙ මොනවද කියල නම් දන්නෙ නැතුව ඇති...දන්නවද???
ම්ම්ම්ම්,,,, කට්ටියම හිතන් ඉන්නෙ මේකෙ තියෙන්නෙත් අරක්කුවල තියන ජාතියේම එකක් කියල නේද,,, ඔව් ඉතින් ඇල්කොහොලුත් නැතුවම නෙමේ, නමුත් ඒවට වඩා ආතල් එකක් ගන්න පුළුවන් දේකුත් මේකෙ තියනව. අන්න ඒ හින්ද තමයි මේක ලෝකේ පුරා මිනිස්සු පාවිච්චි කරන්නත්, ඇබ්බැහි වෙන්නත් හේතුව.
මොකක්ද මේ ආතල් එකක් දෙන සංයෝගය නැත්නම් බේත. මේ බේතට කියන්නෙ "කොඩෙයින්" කියල. කොඩෙයින් කිව්වට දන්නෙ නැති උනාට හෙරොයින් දන්නවනේ. ඒකත් දන්නෙ නැත්නම් මෙන්න මෙතනින් ගිහින් හෙරොයින් හදන තාලෙම ඉගෙන ගන්න පුළුවන්. මෙන්න මේ හෙරොයින් වලට බොහොම සමාන දෙයක් තමයි කොඩෙයින් කියන්නෙත්. නමෙන් උනත් දෙක එකවගේ කියන්න පුළුවන්.
තව ටිකක් විස්තර කළොත් මෝෆීන්, හෙරොයින්, කොඩෙයින් කියන්නෙ එකම පවුලෙ කට්ටිය කියන්න පුළුවන්. 
පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නෙ. අනික බොහොම ලේසියෙන් එක වර්ගයකින් අනිත් එක හදා ගන්නත් පුළුවන්. 
ඉතින් දෙවියනේ මේක බොන කට්ටිය දන්නවද තමන් මේ බොන්නෙ හෙරොයින් කියල, වැඩිපුරම පොඩි එවුන්.  දැනගෙන බිව්වත් නොදැන බිව්වත් රිසල්ට් එක එකමයි. 
මේකෙ තියන අනිත් වැරැද්ද තමයි හෙරොයින් වගේම ඇබ්බැහි වෙන්න පුළුවන්. එතකොට නොබී ඉන්න බැරි වෙනව, නැත්නම් ඇග ගැහෙන්න ගන්නව කෙලින්ම කුඩු කාරයාම තමයි.

පහලින් තියනව මෝෆීන්, හෙරොයින්, කොඩෙයින් කියන තුනේම හැටි (ව්‍යුහය). රසායන විද්‍යාවට ආස කට්ටියට තුනේ වෙනස්කම් හොයන්නත් පුළුවන්. 
ඔන්න කොඩෙයින් වලින් හෙරොයින් හදන තාලේ නම් මේ පාර කියන්නෙ නෑ. 
කුඩු දුමින්දත් නැති අතරේ මොකෙක් හරි වැඩේ පටන්ගත්තොත් එහෙම, මටත් පවු වලින් කොටහක් එනවනේ,,හික් හික් හික් 
කොහොම නමුත් ෆාමසියෙන් ගන්න බෝතලේ ඕවා මහා ගොඩක් නෑ(පොස්පේට් කාණ්ඩෙකුත් සෙට්වෙලා තියනව), අනික තව තව දේවල් තියනව. ගොඩක් තිබ්බ නම් මමත් ජොලියට හරි මොකක් හරි කරනව. හික් හික් හික්,,,, 
ම්ම්ම්ම්ම්ම්,,,,,,,,,,වෙලාවකට මට නම් මේ ලෝකේ යන විදිය ගැන එක අතකට පුදුමයි. එක එක කාලෙට එක එක දේවල් තව ටික දවසකින් zinoxa බොන්නත් බැරි නෑ. එහෙම උනොත් ඒ ගැනත් පොඩි සටහනක් දාන්න බැරියැ. 
ලෝකෙ කොහොම කැරකුනත් සුනිල් එදිරිසිංහ නම් කියල තියෙන්නෙ "මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා නංගියෙ නොහොබිනා වැඩ හුරුවන්න එපා" කියල..... 
එහෙනම් අදට නිමි.

20 comments:

  1. මේ ගැන හාං කවිසියක්වත් දන්නේ නැති අපට මේක බොන්නත් කියලා දීලා..කඩෙන් ගන්න හැටිත් කියලා......අන්තිමට මරු සින්දුවකුත් දාලා මේකෙන් බේරෙන්න....හික් හික් ..එළ ඈ....

    ReplyDelete
  2. රේඩියෝව පැත්තකට කරලා........හොඳයි ඒක

    ReplyDelete
  3. අම්මෝ ඔව් ඔව් "ඔබ නොදු‍ටු ලොවක්" මේව ගැන ගැන කිසිම දෙයක් දන්නේ නැති චූටි බබෙක් නෙ. මේ ඇත්තට දවසකට බෝතල් කීයක් ගන්නවද,,, හික් හික්ක්ක්‌..

    ReplyDelete
  4. ඔව් කවිකාරි,, සින්දුවක් අහන්න ඕනි කට්ටියට රේඩියෝ එක ඕන් කරගන්න පුළුවන්... කවිකාරිත් අහලම බලන්නකෝ....

    ReplyDelete
  5. රියල් ආතල් 1ක් ගන්නවනම් පැනියක් දැම්මට පස්සේ මල් 2,3ක් ලග තියාගන්න ඕනෙ.

    මං හිතනවා ලංකාවේ තරුණ ප්‍රජාවේ පැනි භාවිත ප්‍රතිශතය නොසළකා හැරිය නොහැකි මට්ටමක තියනවා කියලා.

    භයානකම දේ පැනි භාවිතය නිසා මිටර් අවුට් වෙන්න පුළුවන්.ඒ කියන්නේ පිස්සු හැදෙන්න පුළුවන්.එහෙම වෙච්ච කීපදෙනෙක්ව මං පොද්ගලිකව දන්නවා.

    ස්තුතියි.. සංයෝග ගැන දැනුවත් කරාට.

    ReplyDelete
  6. ඔය කෝඩීන් කියන සංයෝගය අයිති වෙන්නේ opioid analgesics කියන කාන්ඩෙට. analgesics කියන්නේ වේදනා නාශක කියන අරුත් දෙන වචනයක්..සාමන්‍යයෙන් සුලු හා ම්ධ්‍යම ප්‍රමානයේ වේදනාවන්ට ලබා දෙනවා.(mild to miderate pain) ඊට අමතරව කැස්ස සමනය.වකුගඩු ආශ්‍රිත වේදනාවන්ට,ප්‍රසව වේදනාවන්ටත් නිර්දේශ කරනවා!

    ReplyDelete
  7. KCට නම් හොදට එක්ස්පිරියන්ස් තියනවා වගේ... පරිස්සමින් හරිද,,

    නියමයි සබිත්, //ප්‍රසව වේදනාවන්ටත් නිර්දේශ කරනවා // ඕක දැකල අපේ බවලත් උදවියත් බොන්න පටන්ගනිද දන නෑ.. හික් හික්

    ReplyDelete
  8. අපෝ.. මං පැනි බොන්නේ නැ.'අඩු සල්ලි වැඩි සැප' මං ළග නැ.මිට අවුරුදු පහකට කලින්නම් බිව්වා.මේක බලන උන්ටත් කියන්නේ පිස්සු හදාගන්න ඕනෙනම් පැනි බීපල්ලා.

    පුංචි කතාවක්‌ කියන්නම්.පැනියට නඩුවක් නැ.වෛද්‍ය සහතිකයක් නොමැතිව අලවිකිරීමට ‍ෆාමසියට‍ තමයි නඩුව වැටෙන්නේ.ඉතින් අපේ හිත හොද පොලිෂ්ෂිය කරන්නේ ‍ෆාමසියෙන් කියක් හරි අරන් අහුවෙච්ච එකාව ගංජා මලකට දාන එක.(දැන් නම් නීති තියනවද දන්නේ නැ.තාමත් ළගතබා ගැනීමට නඩුවක් නැ මයෙහිතේ..)

    ඉතීන් දේමටගොඩ පැත්තේ ෆාමසියකින් පැනි අරන් අහුවුනාම පොලිෂ්ෂිය කරන්නේ ඒ අහුවෙච්ච එකාව මලකට දාලා පැනි බෝතලේ ‍ෆාමසියටම විකුණන එකලු.පොලිෂ්ෂියි ‍ෆමසියයි සෙට් වෙලා කරපු මේ බිස්නස් එකේදී පැනි ගන්න උන් ගැන ඔත්තු දෙන්නෙත් ‍ෆාමසියෙන් කියලයි හැමෝම කිව්වේ.හ්ම්.. ඒ කතා එහෙමයි.

    ReplyDelete
  9. මෙන්න මේ දැනුත් එකක් තියනව මගෙ මේසෙ උඩ,,ළග තබාගත්තට නඩු වැටුනොත් නම් විනාසයක්,

    ReplyDelete
  10. මොනවට ඔය ජරාව බොනවද ගල් බාගයක් නැත්නම් කසිප්පු ටිකක් බොනවනේ

    ReplyDelete
  11. කාලකන්නි වෙන්නැතුව ආරක්කු ටිකක් බිලා සංතොස වෙන්ඩ කියහං.....

    ReplyDelete
  12. මම මේ සීන් එක දන්නේ අදමයි , පැනි බොනවුන් ගැන අහල තිබුනට මාත් කැස්සට බීල තියන මේ පැනිය එහෙම එකක්ය කියල දන්නේ නැනේ ,

    ReplyDelete
  13. මේක දෙන්නෙ කැස්සට නේද... හයියෝ මම අපේ පොඩි උන්ටත් පුංචි කාලෙ මේක දීල තියෙනවනෙ..... ඒක තමයි දීල ටික වෙලාවක් යනකොට උන්ට මත්වෙලා වගේ නින්ද යන්නෙ.... ඇල්කොහොල් යම් ප්‍රමාණයක් තියෙන බව නම් දැනගෙන හිටියා....

    ReplyDelete
  14. මම එකසැරයක් කැස්සට මේ පැණිය බොනකොට වැඩියෙන් පෙවුන. එදා තමයි මේකෙ රගේ තේරුනේ. ඉස්සර අපේ හොස්ටල්එකේ එකෙක් මේ බෝත‍ලයක් කැස්සට ගෙනාවොත් ලේබලේ ගලවල දානව. මොකද කවුරුහරි ආතල්එකට ගහයි කියල.

    ReplyDelete
  15. අඩෙ අප්පා දූපත් දන්න ජාති! :D

    ReplyDelete
  16. බලනකොට කට්ටිය හැමෝම හොරෙන් හරි බීල තියනව වගේ, Miyuru ගෙ පොඩි ඩබලටත් මාර පල්ලමක් පොඩි කාලෙම. තනියයි රාජ් දෙන්න නම් දවසට 2ක් 3ක් යූස් කරනව වගේ. හික්ස්,,,

    ReplyDelete
  17. අනේ මං නං නෑ බං! ඔ්න කැස්සකට පිරිටන් දෙයියො තමා පිහිටවෙන්නෙ! :D

    ReplyDelete
  18. හෙහ් හෙහ්.. බෙන්සීන් වලයක් එහෙමත් තියෙන්නෙ! බිව්ව ම හිරවුනොත් තමයි වැඩේ!

    ReplyDelete
  19. :3 මං හැනත් තියෙනවනෙ.. මොනාද මෙ කොරෙක්ස් කියන්නේ..

    ReplyDelete
    Replies
    1. බොහොම කාලෙකට පස්සේ හරි දැකල නේද...

      Delete

ඔබගේ අදහස් උදහස් දුපත් වැසියාව දිරිමත් කරවයි,,,